විදේශිකයන් සිටින අනුමැතිය සහිත හෝටල්වලට සුරාබදු දොර අරී

346

සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත විදෙස් සංචාරකයන් නැවතී සිටින හෝටල්වල සුරාබදු බලපත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (12 දා) අවසර ලබාදී ඇත.

ඒ අනුව සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හා සුරාබදු 6.බී 07, 6.බී 08 සහ බූවික් විලා යන වර්ගවලට අයත් සුරාබදු බලපත‍්‍ර සහිත හෝටල්වල නවාතැන් ගන්නා විදේශිකයන් සඳහා මෙසේ සුරාබදු බලපත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට අවසර දී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවැසීය.

මේ වන විට සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවාතැන් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇති නිසාත් ඔවුන් සඳහා සුරාබදු බලපත‍්‍ර කි‍්‍රයාත්මක කරන බවද ඒ මහතා කීය.

රට පුරා සුරාසැල් වසා දැමීමෙන් දිනකට සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 70 ක මුදලක් අහිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා,  ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment