විදේශ අමාත්‍යංශ කොන්සියුලර් සේවා අන්තර්ජාලය හරහා

154

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් අන්තර්ජාල පහසුකම් යටතේ ලබා ගැනීමට (E – Channeling Appointment) පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම සේවාව ඔස්සේ සිය ලිපි ලේඛන මාර්ග ගත ක්‍රමයට සත්‍යාපනය කර ගැනීමට හැකි වේ.

මෙම සේවාව යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල හරහා ද ලබාගත හැකිය.
E – Channeling සේවා ලබා ගැනීමට අපේක්‍ෂා කරන අය 225 (ජංගම දුරකතන පරිශීලකයන්) හෝ 1225 (ස්ථාවර දුරකථන පරිශීලකයන්) යන දුරකථන අංක ඇමතීමෙන් සහ මොබිටෙල් හි E – Channeling වෙබ් අඩවිය (www.echannelling.com) තුළින් සිය සේවා සඳහා අවස්ථාවක් වෙන්කර ගැනීමට හැකිය. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.mfa.gov.lk) පිවිසීමෙන් ද අවස්ථාවක් වෙන්කර ගැනීමේ හැකියාව පවතී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment