විදේශ ඇමැති අද එජා මහා මණ්ඩලය අමතයි

139

විදේශ අමාත්‍ය සබ්රි මහතා අද ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. අමාත්‍යවරයා නොබැඳි ව්‍යාපාරයේ අමාත්‍ය රැස්වීම, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ අමාත්‍ය රැස්වීම සහ චීනය විසින් සත්කාරකත්වය දරන ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිතුරන්ගේ කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම ද ඇමතීය. අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනාගත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය සහකාර මහලේකම් සහ කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය ද හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment