විදේශ ණය අර්බුදය 2021 තෙක්

661

වර්ෂ 2025 දක්වා වසරකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක පමණ විදේශ ණය පියවීමට තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.
 
මේ අභියෝගයට මුහුණදීම සඳහා කෙටි කාලීන වශයෙන් විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතිකර ගන්නා අතරම දිගු කාලීනව ඒ සඳහා කටයුතු කරගෙන යන බවත් වර්ෂ 2025 දක්වාම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබා ගත් ණය මුදල් කල් පිරීම් ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
විදේශ ණය කළමනාකරණය කර ගැනීමේදී යම්කිසි ණය ප‍්‍රමාණයක් ගැනීමට ද සිදුවනු ඇතැයි ද මේ තුලනය ඇතිකර ගැනීම සඳහා විදේශ ආයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
 
වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති හරහා රටට විදෙස් ආයෝජන ගලා එනු ඇති බව ද ලේකම්වරයා කීවේය.
 
 – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment