විදේශ දූත මණ්ඩලවලට වියදම් කළ මිලියන 912 වතුරේද මන්දා?

346

විදේශ දූත මණ්ඩල පවත්වාගෙන යෑමට වර්ෂයකට රුපියල් මිලියන 912ක මුදලක් වියදම් කර ඇතත් එයින් නිසි ප‍්‍රතිඵල නොලැබී ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ මන්තී‍්‍ර මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප‍්‍රශ්නයක් සඳහා සවිස්තරාත්මකව පිළිතුරු ලබා දෙමිනි.

ඒජන්සිකරුවන්ගෙන් හිමිවිය යුතු මුදල් අයකර නැති අවස්ථා මෙන්ම විදේශ දූත මණ්ඩල ස්ථාපිත ඇති කම්කරු අංශයේ සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත සුදුසු නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් විශාල ප‍්‍රශ්න ඇති වූ බව ද හෙතෙම මෙහිදී කීය. එහිදී වර්ෂයකට රුපියල් මිලියන 912 ක මුදලක් විදේශ දූත මණ්ඩල පවත්වාගෙන යෑමට වියදම් කර ඇතත් එයින් නිසි ප‍්‍රතිඵල නොලැබී ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් අර්බුදය සඳහා එම කාර්යාංශයේ අනර්ථකාරී වියදම් කපා හැරීම හා වියදම් කළමනාකරණය කිරීම, නැවත දැනුම් දෙන තුරු කාර්යාංශයේ තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදු නොකිරීම, කාර්යාංශයේ සේවා දූත මණ්ඩලවල සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීමට හැකි වෙන පරිදි කාර්ය මණ්ඩලය සීමා කිරීම හා අතිරික්ත කාර්ය මණ්ඩලය දිවයිනට ගෙන්වා ගැනීම, කාර්යාංශයේ සෙසු වියදම් අවම කර ගැනීම වැනි ක‍්‍රියාමාර්ග රැුසක් ගෙන ඇති බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

2019 වර්ෂයේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදම රුපියල් මිලියන 3169 ක් වුවද උක්ත ක‍්‍රියාමාර්ග හේතුවෙන් 2020 අවසානය වන විට රුපියල් මිලියන 2411කට වියදම අඩු කර ගැනීමට හැකි වීමෙන් මිලියන 758ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ද ඇමැතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාට තවදුරටත් පිළිතුරු දෙමින් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment