විදේශ මුදල් අත ඇති අයට ගත හැකි විකල්පයක් ගැන මහ බැංකුව කියයි

437

දැනට විදේශ මුදල් අත ඇති අය සිටී නම් එම මුදල් යෙදවීමට හැකි විකල්ප කි‍්‍රයාමාර්ග කිහිපයක් ගැන ශී‍්‍ර ලංකා  මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

මේ අනුව මහ බැංකුව පවසන්නේ අදාළ විදේශීය විනිමය ඇමරිකානු ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි  ශී‍්‍ර ලංකා රුපියල්වලට මාරු කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි. මේ මාසය තුළ අදාළ මුදල් ඇමරිකානු ඩොලරයකට රු. 210ක් වන පරිදි සහ අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට ද ඊට සමානුපාතිකව ඕනෑම බැංකුවකින් ශී‍්‍ර ලංකා රුපියල්වලට මාරු කිරීම හෝ ශී‍්‍ර ලංකා රුපියල් ගිණුමක තැන්පත් කිරීම හෝ තම පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීම හෝ තම විශේෂ තැන්පත් ගිණුමේ තැන්පත් කිරීම හෝ ශී‍්‍ර ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම හෝ කළ හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment