විදේශ විනිමය ප්‍රේෂණ මාර්තුවේදී 55% කින් නගී

256

විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ ආදායම පසුගිය මාර්තු මාසයේදී සියයට 55 කින් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2022 පෙබරවාරි මාසයේ මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 205 ක් වු විදේශ විනිමය ප්‍රේෂණ ආදායම 2022 මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 113 කින් වර්ධනය වී ඇත. මේ අතර ගිය වසරේ (2021) මාර්තු මාසයට සාපේක්‍ෂව විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම්වල තවමත් සියයට 48 ක අඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 2021 මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 612 ක් තරම් ඉහළ අගයක තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment