විදේශ විනිමය සකසුරුවමින් භාවිත කරන්න මහ බැංකුව ඉල්ලයි

445

විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පවසන්නේ ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඞ්පත් භාවිත කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඞ්පත් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප‍්‍රමුඛතාව ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කර ඇති බවයි.

කෙසේ වෙතත් විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඞ්පත්, එනම් ණය කාඞ්පත්, හර කාඞ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඞ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් මහ බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment