විදේශ ශ‍්‍රමිකයන් එවන මුදල් රුපියල් කිරීම අනිවාර්ය නෑ – මහ බැංකුව කියයි

474

විදේශ රටවල සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් මෙරටට එවන පේ‍්‍රෂණ මුදල් ශී‍්‍ර ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.

ඔවුන්ට ඕනෑම වාණිජ බැංකුවක එම අරමුදල් විදේශ විනිමය වශයෙන්ම තබාගත හැකි බවද මහ බැංකුව කියයි.

මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශී‍්‍ර ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම බලපත‍්‍රලාභී බැංකුවලට විදේශ සේා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ලැබීමෙන් පසු එම සියලූම පේ‍්‍රෂණ මහ බැංකුවේ නීති රීතිවලට අනුකූලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ බලපත‍්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක‍්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් තම පේ‍්‍රෂණ ශී‍්‍ර ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කර ඇති පරිදි ‘විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා දිරි දීමනා යෝජනා ක‍්‍රමය’ යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශී‍්‍ර ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්‍ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ. ඩොලරයකට රුපියල් 10.00 ක අමතර දිරි දීමනාවක් ලැබෙනු ඇත.

‘සේවා අපනයන’ මගින් ලැබෙන ආදායම් යනු අනේවාසිකයකු හට සංචාරක වෘත්තීය සේවා ආදී සේවා සැපයීමෙන් උපයනු ලබන ශී‍්‍ර ලාංකික නේවාසිකයෙකුගේ විදේශ විනිමය ඉපැයීම් වේ. අවසරලත් අඩුකිරීම් සඳහා ගැලපීමෙන් පසු ඉතිරි අපයන ආදායම් පරිවර්තනය කිරීමේ නීති රීතිවලට මෙම සේවා අපනයන යටත් වනු ඇත. මෙම පසුබිම තුළ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා

ගැනීම සහ ශී‍්‍ර ලංකා රපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වන නව නීති අදාළ වන්නේ ශී‍්‍ර ලංකාවේ ‘භාණ්ඩ හා සේවා අපනයනකරුවන්’ සඳහා පමණක් බව එයින් පැහැදිලි වනු ඇති අතර නව නියමයන්හි දක්වා ඇති අවසරලත් ගෙවීම් අඩු කිරීමෙන් පසු එවැනි අපනයන ආදායම්වලින් ඉතිරි වන ප‍්‍රමාණය පමණක් අපනයනකරුවන් විසින් ශී‍්‍ර ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ. ජංගම සංක‍්‍රාම සම්බන්ධයෙන් වන පේ‍්‍රෂණ, අවසරදී ඇති පරිදි විදේශ විනිමය ආපසු ගැනීම්, ණය සේවාකරණ ගෙවීම්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සහ ශී‍්‍ර ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම් එවැනි අවසරලත් ගෙවීම් යටතේ ආවරණය වේ. එමෙන්ම මෙවැනි සේවා අපනයන ආදායම් සිය රට වෙත ගෙන්වා ගැනීම හා එම මුදල් පරිවර්තනය කිරීමේ නීති ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ තායිලන්තය වැනි කලාපීය අනෙකුත් රටවලද භාවිතා වන බව සඳහන් කළ යුතුය.

නීති විරෝධී ලෙස කි‍්‍රයාකරන සියලූම පුද්ගලයන්ට (විදේශ විනිමය පේ‍්‍රෂණය කරන්නන් සහ ලබන්නන්* එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයා මාර්ග ගන්නා අතරම කලින් ප‍්‍රකාශයට පත් කළ පරිදි විධිමත් මාර්ග හරහා පේ‍්‍රෂණය කරනු ලබන විදේශ විනිමය ඉපයීම් දිරිගන්වමින් රජය සමග සහයෝගයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ඉහළ නැංවීමට අඛණ්ඩව පහසුකම් සපයන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඒ අනුව සාවi තොරතුරු සහ පොරොන්දුවලට නොරැුවටී විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගනුදෙනුකරුවන්ගේ විදේශ විනමය ඉපැයීම් පරිවර්තනය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියම කර ඇති නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත්, වරදවා වටහා ගැනීම් වළක්වා ගැනීම සඳහා එවැනි නීති රීති පිළිබඳව තම ගනුදෙනුකරුවන් දැනුවත් කරන ලෙසත් බපත‍්‍රලාභී බැංකුවලට උපදෙස් දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment