විදේශ සංචිතවලට කබ්රාල් බර තියයි

373

මේ මස අවසන් වනවිට අනිවාර්යයෙන්ම අපේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන දක්වා වර්ධනය වනවා යැයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

මේ වනවිට රටේ පවතින විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් පමණ වේ.

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා පියවර ගෙන ඇති බවත් දෙසැම්බර් 31 වැනිදා වනවිට රටේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ දක්වා ඉහළ යන්නේ ඒ අනුව බවත් කබ්රාල් මහතා කියයි.

රටේ විදේශ සංචිත තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

එසේම මීට කලින් ද ප‍්‍රකාශ කළ පරිදි ගෙවීමට තිබෙන සියලූම ණය ගෙවා දමන බව ද ඒ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment