විදේශ සේවයේ පුරප්පාඩුවලට 40 ක් බඳවා ගන්නවා – විදේශ ඇමැති අලි සබ්රි

265

2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදුකර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්‍ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවැති විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබඳ විමසා සිටි අවස්ථාවේදීය.

විදේශ තානාපති කාර්යාල පිවිසුම් දොරටු ඉදිරිපිට බොහෝ ශ්‍රී ලාංකිකයන් උදේ සිට දහවල් වනතුරු දිගු පෝලිම්වල දක්නට ලැබීම පිළිබඳව පැමිණ සිටි මන්ත්‍රීවරු කනස්සල්ල පළ කළහ. එය ප්‍රසන්න දසුනක් නොවන බවත් එම ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීම සඳහාත් නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් මන්ත්‍රීවරු පැවසූහ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment