විදේශ සේවා ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් මාර්තුවේ ඉහළ නගී

153

මේ වසරේ මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වසරේ මාර්තු මාසය තුළ විදෙස්ගත ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එය පසුගිය වසරේ මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 318ක් දක්වා අඩුවී තිබුණි.

ඒ අනුව මේ වසරේ ගතවූ පළමු මාස තුන තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 1,413ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. මේ අතර මේ වසරේ මාර්තු මාසය තුළ සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 161ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment