විදේශ සේවා සභාපති කාමරයක හිර කර සේවකයෝ බෝනස් ඉල්ලා උද්ඝෝෂණ

257

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෝ දෙසැම්බර් මසට හිමි ප්‍රසාද දීමනා (බෝනස්) ඉල්ලා ඊයේ (12 දා) කාර්යාංශ සභාපතිවරයා කාමරයක අඩස්සියේ තබාගෙන උද්ඝෝෂණයක නිරත වූහ.

පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැති මෙම උද්ඝෝෂණය නිසා කාර්යාංශ පරිශ්‍රය දැඩි උණුසුම් මුහුණවරක් ගෙන තිබිණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෝ 1400 කට අධික පිරිසක් සේවය කරති. ඔවුනට හිමි අයිතිය ලබාදෙන ලෙසට තවත් පිරිසක් සාමාන්‍යාධිකාරිවරයා ද කාමර අඩස්සියේ තබා විරෝධතා පළ කළහ.

පසුව සේවකයින්ගේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කොට අද (13 වැනිදා) දිනයේ යම් සුබවාදී පිළිතුරක් ලබාදෙන බවට පාලනාධිකාරිය පොරොන්දු වී තිබේ. ඒ අනුව විරෝධතාව නතර කළ සේවක පිරිස යළි රාජකාරි ආරම්භ කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment