විනය කඩකළ කී‍්‍රඩකයින් තරග තහනමින් පසු නැවතත් පිටියට – කිරිඇල්ලගේ පැනයට කී‍්‍රඩා ඇමැති පිළිතුරු දෙයි

399

විනය කඩ කළ කි‍්‍රකට් කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවත් පරිපාලනය විසින් පත්කළ කමිටුවෙන් එ් සම්බන්ධයෙන් තීරණ ගෙන ඇති බවත් දේශීය තරග තහනම අවසන් වූ පසු එම කී‍්‍රඩකයින් හට ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කළ හැකි බවත් කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. විනය කඩ කිරීම සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනකු නැවත කණ්ඩායමට කැඳවා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (08 වැනිදා) රැස් වූ පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය පක්ෂයේ මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කී‍්‍රඩා ඇමැතිවරයා මේ පිළිබඳ කියා සිටියේය.

නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුලපෙළ පිතිකරුවන් දුර්වල කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ බවත් පළමු පන්දුවාර කිහිපයේදී කඩුලූ බිඳ වැටීම සිදු වූ බවත් පැවසූ කිරිඇල්ල මන්තී‍්‍රවරයා දැනට විනය විරෝධී කි‍්‍රයාවක් හේතුවෙන් තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් තිදෙනා ලබන වසරේදී පැවැත්වෙන ඊළ`ග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි කරවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය. එ් අනුව ඊට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ කී‍්‍රඩා අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

‘කී‍්‍රඩාවේදී විනය තමයි මූලික. විනය කඩ කරපු කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් විනය කි‍්‍රයා මාර්ග අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් ක‍්‍රිකට් පරිපාලනය විසින් කමිටුවක් පත් කර ඇති අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවා. දේශීය තරග තහනම අවසන් වූ පසු ඔවුන්ට ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි විය හැකියි. ඔවුන්ට වසරකින් පසුව නැවත ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් විය හැකියි.’’

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන් තිදෙනා පසුගිය ජුනි මාසයේ පැවති එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවිය. ඒ අනුව ඔවුන් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනමක් සහ මාස 6ක දේශීය ක‍්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනය කමිටුව තීරණය කළේය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment