විනය පිටකය සජ්ඣායනා කිරීමේ පිංකමට LOLC අනුග්‍රහය

191

තථාගත ප්‍රඥප්ත විනය දේශනයෙහි සුරක්ෂිතභාවය සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි භාවය පිණිස වාර්ෂිකව සිදු කෙරෙන විනය පිටකය සජ්ඣායනා කිරීම හා විනය අර්ථ විවරණය කෙරෙමින් සිදු කෙරෙන විනය මහා සමුළුව අනුරාධපුර, කටුකැලියාව සද්ධාතිස්සාරාම මහාවිහාරස්ථ ථෙරවාදි බෞද්ධ අධ්‍යයන පීඨයේදී පසුගියදා ආරම්භ කෙරිණි.

මීරිගම මිණි ඔලු‍ව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, අග්‍ර මහා පණ්ඩිත, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම විනය සමුළුව ආරම්භ කරන ලදී.

විනය පිටකය සජ්ඣායනා කිරීමේ පිංකමට LOLC අනුග්‍රහය

LOLC ව්‍යාපාර සමූහයේ බැතිබර දායකත්වයෙන් විනය පිටකය දින හතරක් පුරා මහා සංඝරත්නය විසින් විනය පිටකය සජ්ජායනා කරනු ලබයි. මෙහි ආරම්භක අවස්ථාවට LOLC ව්‍යාපාර සමූහයේ සභාපති ඉශාර නානායක්කාර මහතාද එක්ව සිටියේය. ලෝකයේ ඇති පැරණිතම හා නොවෙනස් වන එකම ව්‍යවස්ථාව වනුයේ මහා සංඝරත්නය වෙත ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විනය සජ්ජායනය බවත් මෙම විනය සජ්ජායනය වරින් වර මහා සංඝරත්නය වෙත අවබෝධ කරවීම සඳහා මෙවැනි ආගමික වැඩසටහන් පවත්වනු ලබන බව වාද්දුව තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි අග්‍ර මහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පැවසූහ.

සටහන හා ඡායාරූප මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment