වින්ඩිගේ මධුර හඬ ‘අයියෝ සාමිනී’ තාමිල්නාඩුවේ අවන්හල්වලින් ඇසේ

829

“අයියෝ සාමිනී යෙනකු වේනාම්” මේ දිනවල හැමදෙනාගේම සවන් අග රැව්පිළි රැව් දෙන ගීතයක්. ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක ගයන මෙම ගීතය දමිළ ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියල්ලෝම ආදරයෙන් වැළඳගෙන තිබේ.

මේ වනවිට යුටියුබ් නැරඹුම් වාර මිලියන 5 ඉක්මවා ඇත. ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ මෙහි සංගීතය නිර්මාණය කර ඇති අතර පෙතුවිල් අස්මින් ගී පද රචනය සිදු කර තිබේ. මේ ගීතය මෙරට පමණක් නොව මේ වනවිට ඉන්දියාවේ ද ජනප්‍රිය වී ඇති බව යුටියුබ්හි මෙම ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් දිස් වේ.

තමිල්නාඩුවේ ජීවත් වෙන ඉන්දියානු ජාතිකයකු මේ ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයක ගීතය අඛණ්ඩව ඇසේ. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි. මම දැන ගෙන හිටියේ නෑ මේ ලකාවේ තරුණියක් ගායනා කරනවා කියලා. මම යුටියුබ් එක සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා ඔබ සැමට ආදරෙයි ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි.”

● දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment