විනාඩි 10ක ටොනේඩෝවෙන් ඇමරිකාවේ 26ක් මරුට – කුඩා නගර 2ක් අතුරුදන්

259

ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්තය හරහා හමා ගිය ටොනේඩෝවක් හේතුවෙන් මිසිසිපි සහ.ඇලබාමා ප්‍රාන්තවල අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනකු මියගොස් තිබේ.

මෙම ටොනේඩෝවට හසුවීමෙන් කුඩා නගර 2ක් අතුරුදන් වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි. මුළුමනින්ම විනාශ වී ගියේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගර දෙකය. මෙම නගරවල ඉතිරි වී ඇත්තේ සුන්බුන් කීපයක් පමණක් බව පැවසේ.

ටොනේඩෝව හේතුවෙන් මිසිසිපි ප්‍රාන්ත රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇතැම් නගර සම්පූර්ණයෙන්ම තලා දැමූ ආකාරය දිස්වන බව විදෙස් මාධ්‍ය කියයි.

එක් නිවැසියකු පැවසුවේ තමා නාන තටාකයට බැස රැකවරණ ලබා ගැනීමෙන් පසු දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ බවත් පැය 24කට පෙර පවුලේ අය සහ මිතුරන් රැස්ව සිටි නිවාස සියල්ල සුන්බුන් බවට පත් වී ඇති බවත්ය.

ෆ්රැන්සිස්කෝ මැක්නයිට් බීබීසීයට පැවසුවේ තමා ජීවතුන් අතර සිටීම ආශ්චර්යයක් බවයි. ඔහුට දැනුණු එකම අනතුරු ඇඟවීම ශබ්දයයි. ඔහු කියන්නේ සිකුරාදා රාත්‍රියේ සුළඟේ ශබ්දය වැනි කිසිවක් තමා කිසිදා අසා නැති අතර එවැන්නක් යළි කිසි දිනෙක ඇසීමට අවශ්‍ය නොවන බවයි.

ටොනේඩෝව පැවතියේ මිනිත්තු පහක් හෝ දහයක් පමණකි. නමුත් විනාශය අතිමහත්ය. ටෝනේඩෝව කඩා වැදී ඇත්තේ පැයට කිලෝ මීටර් 115 ක පමණ වේගයකිනි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment