විනිමය අවුල එකපාරටම විසඳන්න බැහැ

446

රට මුහුණ දී තිබෙන බරපතළ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව කළ යුත්තක් බවත් ඒ අර්බුදය විසඳා ගැනීමේ හරි දිශානතියට රට ගමන් කරන බව තමා මුදල් ඇමැතිවරයා වශයෙන් විශ්වාසයෙන් කියා සිටින බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ අනුව දැනට බරපතළ වී ඇති මේ ඩොලර් ප‍්‍රශ්නය විසඳුමක් කරා ළ`ගා වනු ඇති බවත් මෙහිදී රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව යන දෙපාර්ශ්වයම මේ ගැන අවබෝධයකින් සහ අන්‍යොන්‍ය වශයෙන් කටයුතු කරමින් සිටින බවත් මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ විනිමය අර්බුදය අද තබෙන තත්ත්වයට වර්ධනය වූයේ අදියර කිහිපයකින් බවද ඒ නිසා මෙයට එකපාරටම විසඳුමක් සෙවිය හැකි බව තමා නොසිතන බවද සඳහන් කළ මුදල් ඇමැතිවරයා පැවසුවේ මෙය විසඳීම ක‍්‍රමානුකූලව සිදුකළ යුතු දෙයක් බවයි.

මෙහිදී කොවිඩ් වසංගතයෙන් ගොඩඒමට පියවර ගැනීම, එන්නත්කරණය බිඳවැටුණු සංචාරක ව්‍යාපාරයය පණගන්වා ගැනීම, විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම, විදේශ රැකියා සඳහා යොමුකරන පිරිස් වැඩි කර ගැනීම, අපනයන වැඩි කර ගැනීම සහ ආනයන අඩු කර ගැනීම යන පියවර අනුගමනය කරමින් මෙම විනිමය අර්බුදය විසඳා ගැනීමේ හරි පැත්තට රට ගමන් කරන බවද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී එදිනෙදා විදේශ විනිමය කටයුතුවලට වැඩියෙන් මැදිහත් වෙන්නේ මහ බැංකුව. මෙහිදී මුදල් නීති පනත අනුව මහ බැංකුවට ව්‍යවස්ථාපිත කාර්යයක් පැවරී තිබෙනවා. අනිත් අතට රජය සහ මුදල් අමාත්‍යාංශය හැටියට තමා මුදල් අමාත්‍යවරයා ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

වසරකට දෙලක්‍ෂයට අධික පිරිසක් රට රැකියාවලට ගිය එක කොවිඩ් වසංගතය නිසා 53,000 ට අඩු වූ බවද එම ප‍්‍රමාණය 2021 දී 120,000 කට පමණ වර්ධනය වු අතර එය මේ වසරේ (2022) දී ලක්‍ෂ තුනක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඇති බවද මුදල් ඇමැතිවරයා තවදුරටත් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment