විනිමය පීඩනය අවම කරන්න රජයෙන් නව විධිවිධාන – අගමැති මහින්ද රාජපක්‍ෂ

273

විනිමය අනුපාතයට ඇති පීඩනය අවමකර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ විධිවිධාන සලසමින් මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙය රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව නිකුත් කළ බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මහ බැංකුව මෙසේද පවසයි.

විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කරන ලද අතර එය 2021 ජූලි 02 දිනැති අංක 2234/49 දරන අති විශේෂ ගැසට් නිවේදනවල පළකර ඇත.

ඒ අනුව, ශිී‍්‍ර ලංකාවෙන් බැහැරට අරමුදල් පේ‍්‍රෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජූලි 02 වැනිදා සිට ආරම්භ වන මාස හයක (6) කාල සීමාව සඳහා පහත දැක්වෙන අත්හිටුවීම්/සීමාකිරීම් කි‍්‍රයාත්මක වේ.

I. සමීපතම පවුලේ සාමාජිකයකුගෙන් (එනම්, විගාමිකයාගේ දෙමව්පියන්, සීයා හෝ ආච්චි, සහෝදර සහෝදරියන් සහ කලත‍්‍රයා) මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක‍්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවීම.

II පොදු අවසරය යටතේ සංක‍්‍රමණික දීමනාවට දැනටමත් හිමිකම් පාන ලද විගාමිකයන් විසින් ප‍්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා සංක‍්‍රමනික දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම එ.ජ.ඩො. 10,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

III. පොදු අවසරය යටතේ සංක‍්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සඳහා සුදුසුකම්ලත් සංක‍්‍රමණික දීමනාව එ.ජ.ඩො. 30,000 වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

IV පොදු අවසරය යටතේ, ඕනෑම වර්තන ආදායමක් හෝ සමුච්ýත වර්තන ආදායමක් (සේවක අර්ථ සාධක අරමුදල (EPF), සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), පාරිතෝෂිකය සහ විශ‍්‍රාම වැටුප් හෝ වෙනත් ඕනෑම විශ‍්‍රාම ප‍්‍රතිලාභ ඇතුළුව) විගාමිකයන් විසින් ප‍්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හෝ විගාමිකයන්ගේ පේ‍්‍රණය කළ හැකි ආදායම් ගිණුම් හරහා ආපසු සියරට යැවීම එ.ජ.ඩො. 30,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

V ශී‍්‍ර ලංකාව තුළ හෝ ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික සහ වෙනත් රටක, අනාගත දිනකදී එම රටේ නිත්‍ය වාසික තත්ත්වය හෝ පුරවැසිභාවය ලබා ගැනීමට පුද්ගලයෙකුට හැකියාව ලබාදෙන්නා වූ වීසා වර්ගයකට අයත් වන තාවකාලික නේවාසික වීසා ලබාගෙන ඇති ඕනෑම ශී‍්‍ර ලාංකික පුද්ගලයකු වෙනුවෙන් කරනු ලබන ප‍්‍රතිමුඛ පේ‍්‍රෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම එ.ජ.ඩො. 20,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

VI. වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශී‍්‍ර ලංකාව හැර යෑමට අදහස් කරන ශී‍්‍ර ලංකාව තුළ නේවාසික ඕනෑම පුද්ගලයකු වෙනුවෙන් විදේශ විනිමය නිකුත් කිරීම එ.ජ.ඩො. 10,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

VII. 2021 පෙබරවාරි මස 03 දිනැති අංක 2213/34 දරන අතිවිශේෂ ගැසට් නිවේදනවල පළ කරන ලද 2021 අංක 1 දරන විදේශ විනිමය නියෝගවල උපපෙල්ඛනයෙහි ප‍්‍රදානය කර ඇති පොදු අවසරය යටතේ ශී‍්‍ර ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි ආයෝජන කිරීමේ අරමුණ සඳහා ප‍්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා සිදුකරන පහත (අ) සිට (ඈ) දක්වා අවශ්‍යතාවයන් ඉටුවන බවට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සෑහීමකට පත්වන ගෙවීම් හැර අනෙකුත් ගෙවීම්, අත්හිටුවනු ලැබේ.

(අ) විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ ආයෝජකයා විසින් ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තකුගෙන් ලබාගන්නා විදේශ ව්‍යවහාර ණය මුදලක් මගින් මූල්‍යනය කිරීමට යෝජිත ආයෝජන හෝ,

(ආ) පනතේ හෝ අවලංගු කරන ලද විනිමය පාලන පනතේ විධිවිධානවලට අනුකූලව ආයෝජිත රටෙහි සමාගමක හෝ ශාඛා කාර්යාලයක දැනටමත් සිදුකරන ලද ආයෝජනයකට අදාළව එම රටෙහි පවතින නියාමන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සිදුකරන අමතර ආයෝජනයක් හෝ

(ඇ) ආයෝජිතයාගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා එ.ජ.ඩො. 15,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා පනතේ හෝ අවලංගු කරන ලද විනිමය පාලන පනතේ විධිවිධානවලට යටත්ව දැනටමත් විදේශයක සංස්ථාපිත/පිහිටුවා ඇති පාලිත සමාගම්වල හෝ ශාඛා කාර්යාලවල සුදුසුකම්ලත් නේවාසික සමාගම් විසින් සිදුකිරීමට නියමිත අමතර ආයෝජනයක්/අරමුදල් යෙදවීමක් (අදාළ පරිදි) හෝ

(ඈ) සුදුසුකම්ලත් නේවාසික සමාගම් විසින්, පනතෙහි හෝ අවංලංගු කරන ලද පනතෙහි විධිවිධානවලට යටත්ව විදේශයක දැනටමත් පිහිටුවා ඇති සම්බන්ධීකරණ, අලෙවිකරණ, අනුයෝජිත, ව්‍යාපෘති, නියෝජිත හෝ වෙනත් ඕනෑම සමාන කාර්යාල නඩත්තු කිරීමේ අරමුණ සඳහා එ.ජ.ඩො. 30,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සිදුකරන පේ‍්‍රෂණ,

(VIII) ශී‍්‍ර ලංකාව තුළ නේවාසික පුද්ගලයකුගේ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හෝ/සහ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදුකරනු ලබන ප‍්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප‍්‍රතිමුඛ පේ‍්‍රෂණ, මෙම නියමය බලපැවැත්වෙන කාල පරිච්ෙඡ්දය තුළ එ.ජ.ඩො. 20,000 හෝ වෙනත් ඕනෑම නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීම.

IX 2021 අංක 1 දරන විදේශ විනිමය නියෝගවල ප‍්‍රදනය කර ඇති පොදු අවසරයෙහි නිශ්චිතව දක්වා ඇති සීමාවන් ඉක්මවා යන ආයෝජන සඳහා, පහත අවස්ථවාලදී එක් එක් ආයෝජනය මත පදනම්ව, විදේශ විනිමය පනතෙහි 7(10) වගන්තිය ප‍්‍රකාරව අවසර ලබාදීම සඳහා මුදල් මණ්ඩලයට බලය පවරනු ලැබේ.

(අ) විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ආයෝජකයා විසින් ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තකුගෙන් ලබාගන්නා විදේශ ව්‍යවහාර ණය මුදලක් මගින් යෝජිත ආයෝජනය මූල්‍යනය කිරීම හෝ

(ආ) පනතේ හෝ අවංලංගු කරන ලද විනිමය පාලන පනතේ විධිවිධානවලට අනුකූලව ආයෝජිත රටෙහි සමාගමක හෝ ශාඛා කාර්යාලයක දැනටමත් සිදුකරන ලද ආයෝජනයකට අදාළව එම රටෙහි පවතින නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා යෝජිත ආයෝජනය සිදුකිරීම.

මේ පිළිබඳ වැඩි විස්තර අඅඅගාෙැගකන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment