විනිවිදව වැඩ නැති නිසා ලෝක බැංකු ඩොලර් 700,000ක් අරුවක්කාලුට අහිමි වෙලා

236

අරුවක්කාලු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමේදී ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයකින් සිදුකර නොතිබූ නිසා මෙකී ව්‍යාපෘතියට ලෝක බැංකුව එකඟ වූ ඇමරිකන් ඩොලර් ලක්ෂ හතක ලෝක බැංකු ආධාර මුදල අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී ව්‍යාපෘතියේ කසළ හුවමාරු මධ්‍යස්ථානය දුම්රිය මාර්ගය හා කසළ රඳවනය ඉදිකිරීමේ කාර්යය සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමේදී රජයේ හා ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව විනිවිදභාවයකින් සිදුකර නොතිබූ බව විගණන මගින් පෙන්වා දී ඇත. මේ නිසා නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට ලෝක බැංකු සමාලෝචන කණ්ඩායම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. එහෙත් නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙකී ව්‍යාපෘතිය කඩිනමින් කළ යුතු බවට හේතු දක්වා ප්‍රසම්පාදන කටයුතු නැවත සිදුනොකිරීම හේතුවෙන් මෙකී මුදල අහිමි වී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලෝක බැංකු ආධාර අහිමිවීම නිසා මෙකී ව්‍යාපෘතිය රුපියල් මිලියන 19127 ක දේශීය අරමුදල් යොදවා සිදුකිරීමට රජයට සිදුවී තිබිණි.

ලලිත් චාමින්ද

 

advertistmentadvertistment
advertistmentadvertistment