විනිසුරුවරුන්ගේ  ආරක්‍ෂාව තර කරන්න – අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

209

සියලු අධිකරණවල සහ විනිශ්චයකාරවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර හෝ ඉවත් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.

කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර නොමැති බවත් සිදුවී ඇත්තේ දහවල් කාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියා නිසි දැනුම් දීමකින් තොරව සවස රාජකාරියට නියමිත නිලධාරියා පැමිණීමට පෙර පිටව යෑම බවත් ඒ මහතා කීය.

මහෙස්ත්‍රාත් නිල නිවසේ පොලිස් නිලධාරියකු සිටීද යන්න සොයා බැලීමේදී රාත්‍රි පැමිණි නිලධාරියා නවක අයකු බවත් ඔහු රාජකාරියේ යෙදී සිට ඇති බව පැවසූ බව තල්දුව මහතා පැවසීය. නිසි දැනුම් දීමකින් තොරව පිටව ගිය පොලිස් නිලධාරියා වැඩ තහනමකට ලක්කර පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව කියා සිටියේය.

මේ අතර යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරුන් විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් නිල නිවසේ සිද්ධිය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානයට යොමු කිරීමෙන් පසු කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ ආරක්‍ෂාව මෙන්ම සියලු අධිකරණවල සහ විනිශ්චයකාරවරුන්ගේ ආරක්‍ෂාව වහාම තර කරන ලෙස අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment