විනිසුරු කුමාරට රජ පිළිගැනීමක්

457

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (16 වැනිදා ) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී සිදු කෙරුණි.

1996 වසරේ පැවැති ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩකයකු ලෙස සහභාගී වෙමින් සහ ඉන්පසුව වසර 06ක් නොකඩවා ලෝක කුසලාන අවසාන මහා තරගවල විනිශ්චයකාරවරයකු ලෙස සේවය කළ කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකාවට අත් කර දී ඇති කීර්තිය, ගෞරවය අගැයීමට ලක් කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

2009 වසරේ ක්‍රිකට් තරග විනිශ්චය සඳහා එක් වූ කුමාර ධර්මසේන මහතා 2012 සහ 2018 යන වසරවල ලෝකයේ හොඳම ක්‍රිකට් තරග විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 75 ක්, එක් දින සීමිත ඕවර තරග 118 ක් සහ විස්සයි විස්ස තරග 42 ක් සඳහා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සහභාගී වී තිබේ.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment