විනෝද ගමන්, විවාහ උත්සව උපන්දින සාදවලට දරුවන් රැගෙන යන්න එපා… ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

226

පවතින තත්ත්වය හමුවේ දරුවන් විනෝද ගමන්, විවාහ මංගල උත්සව, උපන්දින සාද සඳහා රැගෙන යෑමෙන් වැළකී සිටින්නැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යදීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිට බොහෝදෙනා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් හැසිරීම නිසා යළි කොවිඞ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන හෙයින් දරුවන් අනවශ්‍ය ගමන්බිමන් රැගෙන යෑමෙන් වැළකී සිටින්නැයි ද ඒ මහතා සියලූ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment