විනෝද සමයේ ‘අමතක නොවන’ ඇල්ප්‍රඩ් පෙරේරා සමුගනී

422

ප්‍රවීණ රංගන ශිල්පියකු, ගුවන් විදුලි නිවේදනයකු, පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු මෙන්ම සුප්‍රකට ගුවන් විදුලි විනෝද සමයේ ආරම්භක හා එමෙන්ම එහි නිවේදකයා වූ ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ඊයේ (20දා) අභාවප්‍රාප්ත විය. ඔහු චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගණනාවකද රඟපෑවේය. බැතිමත් කිතුනුවකුද වූ ඒ මහතා මියගියේ කැලණියේ දළුගම පිහිටි නිවෙසේදීය. දේහය මාකොළ සුප්‍රීම් පෞද්ගලික අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (22) සවස 3.30 ට දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරෙයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment