විපක්ෂනායකට හමුවූ අලුත් අනුගාමිකයා ගැන ජනපති පවසයි

365


රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධව විපක්ෂ නායකවරයාගේ සහායට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පාඩු ලබන ආයතන විකුණන ලෙසත් ලාභ ලබන ආයතන රජය යටතේ තබාගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ බැවින් දැන් සජිත් ප්‍රේමදාස මහතාට තවත් හොඳ අනුගාමිකයෙක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.රාජ්‍ය ආයතන විකිණීම ආරම්භ කළේ හිටපු ජනාධිපතිවරයෙක් වන ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේදී බවත් ජනාධිපතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment