විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

287

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට ඊයේ අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම සඳහා සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ව තිබේ.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වනවිටත් රට මුහුණදී සිටින බවත් එවැනි තත්ත්වයකට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙළකට අවශ්‍ය බවත් පවසමින් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment