‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනෙන් කින්නියා රෝහලට තිස් ලක්ෂයක උපකරණ

95

සමගි ජන බලවේගය විසින් ක‍්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය‘ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 24 වැනි පියවර ලෙස රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කින්නියා මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

 කොරෝනා ව්‍යසනය හේතු කොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, සංවිධායකයන්, සාමාජිකයන්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ ‘ජනසුවය’ ව්‍යාපෘතිය එක්ව ‘පක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment