විපක්ෂයේ උද්ඝෝෂණ නිසා පාර්ලිමේන්තුව හෙටට කල් යයි

149


වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරතවීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා පැමිණීම මත හෙට පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.දියව් දියව් ඡන්දය දියව් යැයි පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පළමුව සිය ආසන මත සිට උද්ඝෝෂණයේ නිරතව සිටියහ.එම උද්ඝෝෂණය මැද පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට කථානායකවරයා උත්සාහා ගත් අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයා සිටින ස්ථානයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් ආරම්භ කළහ.එම අවස්ථාවේදී කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තබව බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment