විපක්ෂයේ බහුතරය පෙන්වන්න සජබ සූදානම්

202

සමගි ජනබලවේගයට විපක්ෂයේ පවතින බහුතර බලය ලබන පාර්ලිමේන්තු සතියේදී පෙන්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් එම බහුතර බලය පෙන්වන්නේ කෙසේ දැයි කියා ඒ මහතා සඳහන් කළේ නැත.

මේ අතර ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කරගෙන යනු ලබන විශ්වාසභංග යෝජනාව ද ලබන සතියේදී කථානායකවරයාට භාර දීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.

මේ වන විට එම යෝජනාවට මන්ත්‍රී අත්සන් 120ක් පමණ පවතින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙර ප්‍රකාශ කර තිබිණ. කෙසේවෙතත් විශ්වාසභංග යෝජනාව භාර දීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තු රැස්වීම්වලට පෙර පවත්වන කණ්ඩායම් රැස්වීමේදී බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment