විපක්ෂයේ හැසීරීම ගැන ජනාධිපති කනස්සල්ලෙන්

636

පසුගිය සතිය අගමැති මහින්ද රාජපක්ෂට බොහෝ වෙහෙසකර සතියක් විය. මන්ද පසුගිය සති අන්තය වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු සංචාරය නිමවා යළි මවුබිමට පැමිණ නොසිටි නිසා ය.

එබැවින් රජයේ සියලූ බර කර මතට ගන්නට අගමැති මහින්ද රාජපක්ෂටත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂටත් සිදුව තිබිණි. මේ අතරින් බැසිල් රාජපක්ෂ සතිය පුරාම සිටියේ වෙනම කාර්ය බහුලත්වයකය. 2022 වසර වෙනුවෙන් දැඩි පරිශ‍්‍රමයකින් සකස් කෙරුණු අයවැය යෝජනාවලිය ඉතා සාර්ථක මෙන්ම කාර්යක්ෂම අය-වැයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවීමට ගත් වෙහෙස මහන්සිය සුළුපටු නොවීය.

එහෙත් ඔහුට ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව යන විට හා භාරදී තිබූ වැඩ රාජකාරි කිසිවක් අතපසු කළ නොහැකි විය.

ජනාධිපතිවරයා භාර දුන් රාජකාරි අතර වඩාත් වැදගත් කාර්යභාරයක් වූයේ සතිපතා රැස්වෙන කොවිඞ් මර්දන කාර්ය සාධක බලකායේ කමිටු රැස්වීම පැවැත්වීමයි.

පසුගිය සති අන්තයේ බැසිල්ගේ ප‍්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වුණු අතර අදාළ අනෙකුත් දේශපාලනඥයින්, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් සියලූම දෙනා පාහේ මෙම රැස්වීමට පැමිණ සිටියහ.

‘‘නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පස්සේ රටේ ඇතිවෙලා තියන තත්ත්වය ගැන අලූත් තොරතුරු දැනගන්න කැමතියි… මොනවද ඔබතුමාට ලැබිලා තියෙනවා ආරංචිය ගැන….” බැසිල් වටපිට බලමින් ඇසීය. එම අවස්ථාව ලබා ගනිමින් මුලින්ම කතා කළේ බන්දුල ගුණවර්ධනයි.

බන්දුලගේ නෝක්කාඩුවට –
පවිත‍්‍රාගෙන් උත්තර…

‘‘අපනයන ක්ෂේත‍්‍රයට නිෂ්පාදන සපයන කර්මාන්ත ශාලාවල සේවකයන්ට සතියකට සැරයක් පී. සී. ආර්. එකක් කර ගන්න කියලා සෞඛ්‍ය අංශ නිර්දේශයක් දීලා තියෙනවා කියලා කියනවා. එහෙම කතාවක් තියෙනවා නම් ඒක ටිකක් ලිහිල් කරන එක තමයි හොඳ. කර්මාන්තශාලා ඔය විදිහට හිර කරන එක හොඳ නෑ අපේ ඇඟලූම් ක්ෂේත‍්‍රයට…”

‘‘නෑ නෑ අපි චක‍්‍රලේඛය අයින් කරලත් තියෙන්නෙ දැන් ප‍්‍රශ්නයක් නෑ…” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වේය.

‘‘මම මේක කලිනුත් මතක් කළා. රෙස්ටෝරන්ට්වලට අඩුම තරමින් 30% වත් ධාරිතාවයකින් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ මිනිස්සු ඉන්නෙ ගොඩක් අමාරුවෙන්.” ප‍්‍රසන්න රණතුංග විස්තර කරන්නට පටන් ගත්තේය.

බැසිල් ඇමැතිවරයා ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළත් අනුමැතියක් පළවූයේ නැත. අවසානයේ තවත් සතියක් ඉදිරියට එම ප‍්‍රශ්නය කල් දමන්නට තීරණය කළේය.

‘‘දුම්රිය ගමනාගමනය තවම පටන් ගත්තෙ නැති නිසා ඒ ගැන විවිධ කතා රටේ පැතිර යනවා. දුම්රිය මාර්ග ටික තවම පිරිසිදු කරල ඉවර නැති නිසයි දුම්රිය පටන් ගන්න බැරි…” බන්දුල යෝජනා කළේය.

‘‘ඒ කතාවට නම් පදනමක් නෑ ඇමැතිතුමා. ඒ ගැන මම හොඳාකාරවම බලලා කටයුතු කළා. පාරවල් ටික ක්ලියර් කරලා දුම්රිය 120න් 108ක් පටන් ගන්න මම සූදානම් කළා. ඒ උණාට සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබුණේ නැති හින්දයි නතර වුණේ. දැන් වෙන කතා කියන්න එපා…” පවිත‍්‍රා බන්දුලට විරුද්ධත්වය පළ කළාය.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් යළි සේවයට කැදවීම සම්බන්ධයෙන් ඇතිවුණු කතාබහේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවශ්‍ය චක‍්‍රලේඛ සූදානම් කිරීම ගැන විස්තරයක් කළේය.

යළි පාසල් විවෘත කිරීම ගැනද මෙහිදී කමිටුව කතාබහ වූහ. පාසල් විවෘත කිරීම පිණිස ඇති දුෂ්කරතා ගැන මෙහිදී කරුණු සාකච්ඡා වූහ. ඉන්පසුව කමිටුව අවධානය යොමු කළේ එන්නත්කරණය සිදුකිරීමේ දී යම් යම් තැන්වල මග හැරී ඇති කණ්ඩායම්වලට එන්නත් ලබාදීම ගැනය.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙනුවෙන් කමිටුවට පැමිණ සිටි උපුල් රෝහණ තවත් යෝජනාවක් කළේය.

‘‘එයාර්පෝට් එකෙන් ලංකාවට එන අයව පී. සී. ආර්. කරලා ගෙදර යවනවා. එහෙම අය ගැන පී එච් අයි මහතුන් වත් දැනුම්වත් කරන්න ඕන. නමුත් දැන් ඒක වෙන්නේ නෑ….”

‘‘අපි ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දෙනවා. එතනින් තොරතුරු ටික අර ගත්ත නම් හරි..” ප‍්‍රසන්න කීවේ ය.

වයස අවුරුදු 12 – 15ත් අතර පාසල් ළමයින්ගේ එන්නත්කරණය ගැන නැවතත් මෙහිදී කරුණු සාකච්ඡා වුවත් ඒ ගැන කාගෙන්වත් හරි පිළිතුරක් නොලැබිණි.

‘‘තවම ලෝකෙ කිසිම රටක් පොඩි දරුවන් එන්නත්කරණය ගැන හරි තීන්දුවක් අරගෙන නැහැ. අපිටත් ඉස්සර වෙන්න බැහැ… දොස්තර පාදෙණිය තත්ත්වය පැහැදිලි කර දුන්නේය.

ඉන් අනතුරුව මෙම සාකච්ඡාව තවත් වැඩි වෙලා පැවතුනේ නැත. සාකච්ඡාව ඉතා ඉක්මනින් අවසන් විය.

වොයිස් කට් දෙන්න
අකමැති ඇමැති කවුද..

මෙවර අයවැයෙන් ජනතාවට ලබාදෙන සහන ගැන කතා කරන්නට ආසන මට්ටමින් මේ දිනවල රැස්වීම් සංවිධානය වීම සාමාන්‍ය දෙයකි. මිනුවන්ගොඩ ශ‍්‍රවණාගාරයේ ද එබඳු රැස්වීමක් පසුගිය සෙනසුරාදා පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රි සාගර කාරියවසම්, මධුර විතානගේ, ජගත් කුමාර මහත්වරු සහභාගි වූහ. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා වාහනයෙන් බැස ප‍්‍රාදේශීය සභා කාර්යාලයට ඇතුළු වන විට එතැන සිටි මාධ්‍යවේදියෙක් ”ඇමැතිතුමා වොයිස් කට් එකක් ගන්න ඕනේ” කීවේය.

”මේ දවස්වල මම ආණ්ඩුව වෙනුවෙන් වොයිස් කට් දෙන්නෙ නැහැ”යි සිනහසෙමින් කී අමාත්‍යවරයා ප‍්‍රාදේශීය සභා කාර්යාලයට ඇතුළු විය.

ආණ්ඩුව වෙනුවෙන් වොයිස් කට් දෙන්නැතැයි කී අමාත්‍යවරයා රැස්වීමේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හා රජයට එරෙහි වැඩපිළිවෙළ පිළිබඳව අගනා අදහස් දැක්වීමක නිරත විය.

”ආණ්ඩුවට විරුද්ධව විවිධ බලවේග ක‍්‍රියාත්මක වෙනවා. ඔවුන් ආණ්ඩුවට එරෙහිව විවිධ උපක‍්‍රම භාවිත කරන්නේ ආණ්ඩුව වට්ටන්න. ඒකට ඉඩ දෙන්න එපා. මේ ආණ්ඩුව නොතිබුණා නම් කොවිඞ් වසංගතය සමඟ මීට වඩා දරුණු තත්ත්වයකට රට පත්වෙන්න ඉඩ තිබුණා. මරණ වැඩි වෙලා, කන්න බොන්නවත් නැති විසාලාවක් බවට පත්වෙන්න ඉඩ තිබුණා.” යැයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

රැස්වීම අවසානයේ පැමිණි පිරිසට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගේ කාර්යාලයේ තේ සූදානම් කර තිබිණි. තේ බොන අතරතුර වත්මන් තත්ත්වය පිළිබඳ කතාබහක් ඇති වීය.

”පැන්ඩෝරා එකත් රාජපක්ෂලාට ම බැර කරන්නයි සූදානම් වෙන්නේ” ජගත් කුමාර මන්ත‍්‍රීවරයා කීය.

”විපක්ෂයට කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ රාජපක්ෂවරු. විපක්ෂයට රාජපක්ෂවරුන්ට පහර දෙනවා ඇරෙන්න වැඩපිළිවෙළක් නැහැ. නිරූපමා රාජපක්ෂ ඇත්තටම මහින්ද මහත්තයා එක්ක හිටියේ නැහැ. 94 දේශපාලනයට ආවා විතරයි. එතන තියෙන්නේ දේශපාලන ප‍්‍රශ්නයකට වඩා ව්‍යාපාරික ප‍්‍රශ්නයක්” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීය.

”සංචරණ සීමා ඊයේ ඉවත් කළා විතරයි ගුරුවරු ආයෙත් උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙනවාලූ. ගොවීන් උද්ඝෝෂණ කරන්න යනවාලූ. උද්ඝෝෂණය කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි රටේ තියෙන්නෙ.” මධුර විතානගේ මන්ත‍්‍රීවරයා පැවසීය.

”ඒක ඇත්ත. මේ වෙලාවේ පේන්න තියෙන්නේ මස් රාත්තලම ඉල්ලන සිද්ධියක්. පවතින තත්ත්වය ඇතුළේ ප‍්‍රශ්න විසඳ ගන්න කටයුතු කරන බවක් පේන්න නෑ.” සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයා පිළිතුරු දුන්නේ ය.

ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයෙන් දේශපාලන උවමනාවන් ඉටු කරගන්න හදන පිරිසක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ප‍්‍රශ්නෙට පැහැදිලි විසඳුම් දුන්නා. වසංගත තත්ත්වය තුළ හැකි උපරිමය කරන අතරේ පියවරෙන් පියවර ප‍්‍රශ්නේ විසඳෙන බව ඔවුන්ට දැනුම් දුන්නා. එයාලා කැමති නැහැ ඇත්තටම ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙනවාට. තමන්ට හිතවත් ආණ්ඩුවක් බලයට ගන්න හිඟන්නාගේ තුවාලේ කරගෙන තියෙන්නෙ මේ ප‍්‍රශ්නේ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද කීය.

ජී එස් පී ලබාදෙන්න
යුරෝපීය සංගමය ඇවිත්!

විපක්ෂයේ හැසීරීම ගැන ජනාධිපති කනස්සල්ලෙන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය සඳහා ඇමෙරිකාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරළා ලංකාවට පැමිණියේ පසුගිය සඳුදා පාන්දරය. ඒ පැය 24 කටත් ආසන්න දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව නිසා ඔහු සිටියේ දැඩි වෙහෙසකර බවකින් යුතුවය.

කෙතරම් වෙහෙසට පත්ව සිටියත් මවුබිමට පා තැබූ මොහොතේ පටන් ජනාධිපති ගෝඨාභයට විවේකයක් නම් තිබුණේ නැති තරම්ය.

සඳුදා දිනයේ ඔහුට මුලින්ම ඉටුකරන්නට වූ රාජකාරිය වූයේ විශේෂ රාජතාන්ත‍්‍රික හමුවීමකට සහභාගී වීමය. හමුවීම සඳහා පැමිණ සිටියේ එම දිනවල ලංකාවට පැමිණ සිටි යුරෝපා සංගමයේ විශේෂ දූත කණ්ඩායමයි.

ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණීම ගැන ද ඒ වනවිට විවිධ කටකතා සහ මතිමතාන්තර නොයෙක් ක්ෂේත‍්‍ර ඔස්සේ රට පුරා පැතිර ගොස් තිබිණි. ලංකාවට ලබාදෙන ජී එස් පී සහනය තවදුරටත් ලබා නොදී අහෝසි කිරීමට පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔවුන් පැමිණ සිටිතැයි කියා කතාවක් ද ඒ අතර විය.

එහෙත් ඔවුන් පැමිණ සිටියේ ජී එස් පී සහනය ලබා නොදීමට නොව, ලබාදීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් හමාර කිරීමටය.

සියලූ අධ්‍යයනයන්ගෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවී ඒ ගැන සාකච්ඡා කිරීම ඔවුන්ගේ අභිප‍්‍රාය වූහ.

වෙනදා මෙබඳු රාජතාන්ත‍්‍රික සාකච්ඡා පවත්වනු ලබන්නේ ජනාධිපති කාර්යාලයේ හෝ ජනාධිපති මන්දිරයේ වුවත් එදින මෙම සාකච්ඡාව පැවතියේ ජනාධිපතිවරයා තවමත් පදිංචිව සිටින මිරිහාන නිවසේ දී වීම විශේෂත්වයකි.

රාජ්‍ය මුදල් වියදම් කරමින් රජ මාළිගාවල රජයේ වියදමින් කමින් බොමින් සැප විඳිනවාට වඩා මේ ජනාධිපතිවරයා කුඩා නිවසක අවම පහසුකම්වලින් යුතු අල්පේච්ඡු ජීවිතයක් ගත කරනු දැකීමෙන් යුරෝපා සංගමයේ නිලධාරීන් පවා පුදුමයට පත් වූහ.

තමන් අධ්‍යයනය කරන ලද කරුණු පාදක ගෙනගෙන සම්පූර්ණ වාර්තාවක් යුරෝපා සංගමයට සපයන බව නියෝජිතයෝ කියා සිටියහ.

මෙහිදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.

”මේ පිළිබඳව කටයුතු කරන්න අපි අවශ්‍ය කමිටු පත් කරලා තියෙනවා. ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත් නීතිපති තුමාටත් ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ තිබෙන සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් පිළිබඳ තිබෙන එකඟතාවන්ට අනුව කටයුතු කරන්න අපි මූලිකත්වය දීලා තියෙනවා.

ඒත් කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් අපේ ආර්ථිකයට හා මානව සම්බන්ධතාවලට ඇති වුණු බලපෑම තුළ පහුගිය දිනවල අපේ ඉලක්කයන් කරා ළඟා වීමේ සැලසුම්වලට බාධාවන් එල්ල වුණා. ඒ සියල්ල පවතිද්දීත් අපි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් සියලූ ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට උත්සාහ කළා.

ඒ වගේම රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න රට තුළ විසඳාගන්නට අපි මූලිකත්වය දුන්නා. ඒ සඳහා මේ රටේ සිටින සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල සහයෝගය ලබා ගන්නට කටයුතු කළා වගේම දෙමළ ඩයස්පෝරාවේ පවා සහයෝගය ලබා ගන්නට ඉඩ ප‍්‍රස්ථාව දීලා තියෙනවා.

ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම හමුවේ යුරෝපා සංගමයේ නිලධාරීන් අවබෝධයෙන් හා උද්යෝගයෙන් යුතුව සාකච්ඡාව හා සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට එකඟතාව පළකර සිටියහ.

”දේශපාලනමය වශයෙන් විවිධ මත දරන පක්ෂ අපි සමඟ වැඩ කරනවා. ආණ්ඩුව ඇතුළේත් ඉන්නවා පිටතත් ඉන්නවා. අපි ඒ අයගේ මතවාදවලට ගරු කරමින් කටයුතු කරන වෘත්තීය සමිති හා සංවිධාන සමාජයේ බහුලයි. ශිෂ්‍ය අරගල කම්කරු අරගලවලට අපි බාධා ඇති කරල නෑ. පහර දීල කඳුළු ගෑස් ගහලා විසුරුවා හැරලා නෑ. උද්ඝෝෂකයින් සඳහා වෙනම ස්ථානයක් පවා අපි ජනාධිපති කාර්යාලයට පෙනෙන දුරකින් සූදානම් කරලා දීලා තියෙනවා.’’

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි එහෙම කටයුතු කරද්දිත් යම් යම් පුංචි සිදුවීම් මුල්කර ගෙන ඇතැම් පාර්ශ්ව සාවද්‍ය මතවාද සමාජය පුරා හා ලොව පුරා පතුරුවා හරින්න මහන්සි වෙනවා.

රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරමින්, කොවිඞ් අර්බුදය බඳු ලෝක ව්‍යාප්ත වසංගතයකට ද මුහුණ දෙමින්, රටේ කෘෂිකාර්මික හා සංවර්ධන කටයුතු කරගෙන යෑමට ජනාධිපතිවරයා දරන වෙහෙස මහන්සිය ගැන යුරෝපා සංගමයේ නිලධාරීන් ප‍්‍රශංසාව පළ කර සිටියහ.

යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, ජී එස් පී හි වෙළඳ කටයුතු භාර අධ්‍යක්ෂ ජෙනරාල් නිකොලොස් යසිමිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේ පැවැති එම සාකච්ඡාව ඉතා සාර්ථක සාකච්ඡාවක් විය.

පාර්ලිමේන්තු ලොබියේදී
රනිල් දුන්නු උත්තරය…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බලන්නට කල්පනා කළේ ය.

එපමණක් නොව, පාස්කු ඉරිදා සිද්ධිය නිසා මේ වන විට බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරීන්ගේ වත්මන් තත්ත්වය ගැනද සොයා බලන්නට ඔහු කතා කළේය.

රිෂාඞ් බදුර්දීන් කියන්නෙ ඔබතුමාගේ පක්ෂය අතඇරලා දාලා ගිහිල්ලා වෙනත් කණ්ඩායමක් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමාට බැණ බැණ හිටිය මන්ත‍්‍රීවරයෙක්. ඔබතුමා මොනවටද එයාගෙ සැප දුක හොයන්න යන්නේ…

පාර්ලිමේන්තුවේ ලොබියේ දී හමුවන සමහර මන්ත‍්‍රීවරු ඔහුගෙන් එසේ ඇහුවත් රනිල් ඒ පිළිබඳ කිසිවක් කියන්නට ගියේ නැත.

මේ අතර සමගි ජන බලවේගයේ පිරිසකුත් සම්බන්ධ කරගෙන හොර රහසේ රනිල් ආරම්භ කර ඇති දේශපාලන ව්‍යාපාරය ගැන ද සමහරු අසන්නට වූහ.

ඒවා දේශපාලන රහස් කියමින් රනිල් එම අවස්ථාවන් මග හැරියා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

‘දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ බොරුවෙන් රජ කරන විපක්ෂයක්… සෝෂල් මීඩියාකාරයෝ ටික හදලා දෙන බොරු ටික ඇරුණහම විපක්ෂයට කියන්න දේශපාලන තර්ක විතර්ක මුකුත්ම නෑ… ඔබතුමා මැදිහත් වෙලා හොඳ විපක්ෂයක් වත් හැදුව නම් අපිට පාර්ලිමේන්තුවේ තර්ක කරන්න හරි ලේසියි…’

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ දී රනිල් සමග ඒ ගැන අදහස් හුවමාරු කරගත්හ.

‘ඇයි ඉතිං විපක්ෂය බෙදිලා ඉන්න තරමට ආණ්ඩුවටනේ වාසි… ඕගොල්ලො කිඹුල් කඳුළු හෙළන්න එපා… රනිල් විහිළුවට මෙන් කීවේය.

නෑ නෑ නායකතුමා.. අපට ඕන ශක්තිමත් විපක්ෂයක්…

ඔයගොල්ලොත් උදවු කළොත් බෙදිලා ඉන්න විපක්ෂයේ එකතු කරගෙන මට ශක්තිමත් විපක්ෂයක් හදන්න අමාරු නැහැ…. රනිල් සිනහවෙමින් කීවේය.

විහිළු තහළුවලින් පිරි එම දේශපාලන කතාබහ තවදුරටත් ඇදී යද්දී ඒවාට උත්තර දෙමින් නොදෙමින් රනිල් එතනින් සුපුරුදු සේ මගහැර යන්නට සමත් විය.

එහේ අය වීරයොලූ
අපි මෙන්න මෙහෙමලූ…

පසුගිය සතිය සමගි ජන බලවේගයට ද කාර්යබහුල සතියක් ලෙස සැලකුවාට වරදක් නැත. එක් අතකින් පාර්ලිමේන්තු සතියක් වූ නිසා ඔවුන්ට වඩාත් වැඩ රාජකාරි බහුල විය. අනෙක් අතින් කතාබහ කරන්නට බොහෝ දේශපාලන කරුණු කාරණා තිබූ බැවින් පසුගිය සතිය ඔවුන්ට දේශපාලනමය වශයෙනුත් උණුසුම් සතියක් විය.

මේ අතර ඔවුන්ගේ කතාබහට ලක්වූ තවත් ප‍්‍රධාන මාතෘකාවක් ලෙස සතොස ගනුදෙනුව දක්නට හැකි විය.

සතොස ලොක්කෝ එකතුවෙලා සතොසට එන බඩු භාණ්ඩ ආහාර ද්‍රව්‍ය පිටට විකුණනවා. පස්සේ ඒවා ඒගොල්ලො ම අල්ලලා රාජසන්තක කරනවා. දැන් එම ආහාර තොග රාජසන්තක කරලා ආපහු පාරක් ජනතාවට බෙදන්න කැබිනට් පත‍්‍රිකාවක් පවා ඉදිරිපත් කරලා… මනූෂ නානායක්කාර ලොකු හෙළිදරව්වක් කළේය.

මනූෂ ඔය කරුණු කාරණා ඔක්කොම එකතු කරල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න… සජිත් උපදෙස් දුන්නේය.

සුදුලූනු වංචාව විතරයි හෙළිදරව් වුණේ. ඒක අස්සෙ තව තව ගනුදෙනු ගොඩක් තියෙනවා… ලිපි ලේඛන රැසක් පෙන්වමින් මනූෂ කරුණු ඉදිරිපත් කළේය.

මේ අතර පසුගිය සතියේ සජිත් පේ‍්‍රමදාස ගැන රටම කතාබහ කළේ ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරී ගිය එක්තරා ඡායාරූප කිහිපයක් හා සිද්ධි කීපයක් නිසාය. එම කතාබස්වලට මුල් වූ සිද්ධිය මෙසේය.

පසුගිය සතියේ සජිත් පේ‍්‍රමදාස හම්බන්තොට බෙරලිහෙල ප‍්‍රදේශයට ගියේ එම ප‍්‍රදේශයේ ගොවිතැන් කරන ගොවියන්ගේ ගොවි ගැටලූ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්නට ය. එහෙත් එදින එම පළාතට හොඳ කාලගුණ තත්ත්වයක් නොතිබුණු දවසක් ලෙස බැලූ බැල්මට දැකගත හැකි විය.

”මේ වැඬේට අද නම් ගැලපෙන්නේ නැහැ… වෙනත් දවසක ආවා නම් තමයි හොඳ… සජිත් සමඟ සිටි ඔහුගේ හිතවතුන් කොපමණ කරුණු කීවත් ඒ කිසිවකින් සජිත් ආපසු හැරුණේ නැත.

ගොවි බිම්වල ලස්සන තියෙන්නෙ වහින දවස්වලට ලූ… මම නං ඒ ලස්සන දකිනවා ඕගොල්ලොත් කැමති නැද්ද ඒ ලස්සන දැක බලාගන්න.

සජිත් එසේ විහිළු කරමින් ගමන් කරන්නට පෙරමුණ ගත්තේය.

බෙරලිහෙල ප‍්‍රදේශයේ හිටියේ වී වගා කරනවට වඩා අතිරේක බෝග වගාවෙන් ජීවිතය සාර්ථක කරගත් ගොවි පිරිසකි. එම පිරිස සමග සජිත් සම්බන්ධ වන ගොවි හමුව සූදානම් කර තිබුණේ ද එළිමහන් ගොවිබිමක් මැදය.

සජිත් පාගමනින්ම එම ගොවිබිම මැදට ගොස් ගොවියන් සමග ඔවුන්ගේ ගොවි ගැටලූ ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

සාකච්ඡාව මැදක් හරියට එන විට හතර වටින් කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට විය.

මහ වැස්සෙන් බේරෙන්නට ගොවියන් අතර කුඩ හෝ වැහි ආවරණ තිබුණේ නැත. එහෙත් යුහුසුළු වූ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙක් සජිත් පේ‍්‍රමදාස ඇතුළු එතන සිටි ප‍්‍රධානීන්ට කුඩ කිහිපයක් අල්ලන්නට සූදානම් වූහ.

”පිස්සු වැඩ කරන්න එපා… මේ ගොවියෝ ටික ඔක්කොම තෙමි තෙමි ඉද්දි මම කුඩයක් යට ඉන්නවා කියන්නේ මොන තරම් විහිළුවක් ද… මමත් වැස්සට හොඳට තෙමිලා පුරුදු මිනිහෙක්… කියමින් සජිත් වැස්සේම ගොවියන් සමග කතාබහ දිගින් දිගටම කරගෙන ගියේය.

ගොවිබිමේ හතරවටින්ම ඇත්තේ මුංඇට වැපිරූ මුං හේන් බව සජිත් එහිදී ගොවීන් ගෙන් අසා දැන ගත්තේය.

මෙම සිදුවීමේ පසුබිම එසේ සිදු වුවත් පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ ඡායාරූපවල හා විස්තරවල අන්තර්ගත වූයේ වෙන වෙනත් කතාය.

”මේගොල්ලොන්ට කොහේ හරි ලෝක නායකයෙක් වැස්සෙ තෙමුණොත් ඒක වීරකමක්… ජනතාවගේ දුක අහන්න ගිහිල්ලා අපි මේ වගේ හදිසි අවස්ථාවකට මැදි වුණොත් ඒක නාට්‍යයක්… ඔහොම තමයි අපේ ලංකාවේ දේශපාලනයේ හැටි… ඔව්වා ගැන කලබල වෙන්න නරකයි සජිත් කිව්වේ එපමණකි.

ඉන්දීය අගමැතිට –
ගෝඨාගෙන් පණිවිඩයක්

මේ අතරතුර ඉන්දීය විදේශ ලේකම්වරයා ද ලංකාවට පැමිණ සිටියේය. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ද රට තුළ ලොකු ආන්දෝලනයක් ඇතිව තිබිණි. ඉන්දීය විදේශ ලේකම්වරයා පැමිණියේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සමග සාකච්ඡා කර ත‍්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි 100 ඉන්දියාවට පවරා ගන්නට යැයි රට තුළ පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. අහසින් ගොස් තෙල් ටැංකි තිබෙන ප‍්‍රදේශය පරීක්ෂා කිරීමට ගම්මන්පිල ඇමැතිවරයා සමඟ හෙලිකොප්ටරයකින් ත‍්‍රිකුණාමලය බලා පිටත්ව ගියේ යැයි කියා කතාවක් ද මේ අතර පැතිර ගියේය.

ඒ කතාව කෙසේ වෙතත් අඟහරුවාදා උදේ විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ්වර්ධන් ශ‍්‍රිංගිලා මහතා ජනාධිපතිවරයා විසින් ඉමහත් උණුහුමින් පිළිගනු ලැබීය.

දෙදෙනා අතර වූ සාකච්ඡාව දෙරට අතර වූ සාකච්ඡාවක් මෙන් ඉතා උණුසුම් වූත් හෘදයංගම වූත් ප‍්‍රතිඵල දායක වූත් සාකච්ඡාවක් ම විය.

”අපට ඕන අපේ රටවල් දෙක අතර 60 – 70 දසකවල තිබුණු ආකාරයේ සම්බන්ධතාවක් නැවත ගොඩ නගා ගන්න…” විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාට කිව්වේය.

”එහෙම වුණොත් අපි දෙගොල්ලන්ට පුළුවන් ඉන්දීය සාගර කලාපය ඉතාමත් සාමකාමී දියුණු සාගර කලාපයක් බවට පත් කරන්න…” ජනාධිපති ගෝඨාභය කීවේය.

මෙහිදී දෙරටට බලපාන අන්‍යොන්‍ය ගැටලූ හා අර්බුද කිහිපයක් ම ගැඹුරින් සාකච්ඡාවට ලක්විය.

”මේ වසංගත තත්ත්වය පහව ගියාම ඉන්දීය ආයෝජකයන්ට අපේ රට හොඳ වෙළෙඳ කලාපයක් බවට පත් වේවි. අපි ආරාධනා කරනවා ආයෝජකයන්ට…”

මෙහි දී ශ‍්‍රී ලංකාව චීනය සමග ඇති රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවය ගැන ද වැදගත් කරුණු කීපයක් සාකච්ඡාවට ලක්විය.

”ලෝකයේ වෙනත් කිසිම රටක් සනසන්න අපි කවදාවත් අසල්වැසි ඉන්දියාවේ හිත නරක් කරන්න උත්සාහ කරන්නේ නෑ…” ජනාධිපතිවරයා ඉතා දිගු ගැඹුරු කතාවක් වචන කිහිපයකින් ස්ථිරසාරව එසේ ප‍්‍රකාශ කළේය.

කොවිඞ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ප‍්‍රගතිය විදේශ ලේකම්වරයාගේ නොමඳ ප‍්‍රශංසාවට ලක්විය.

මේ අයුරින් පැවැත්වුණු දීර්ඝ සුහද සාකච්ඡාව අපේක්ෂිත වෙලාවටත් වඩා වැඩි කාලයක් දිග්ගැසි ගිය බැවින් එම සාකච්ඡාවට පසුව ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසට ඒ සඳහා තවත් බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවුණු බව අපට දැනගත හැකි විය.

සාකච්ඡාවන් නිමවමින් ජනාධිපති ගෝඨාභය ඉන්දීය විදේශ ලේකම්වරයා අත ඉන්දීය අගමැතිවරයාට විශේෂ ආරාධනයක් ද යැවීය.

”අපි ආරාධනා කරනවා ඉන්දියාවේ අගමැතිතුමාට රාජ්‍ය සංචාරයක් සඳහා ලංකාවට එන්න කියා…”

”ආරාධනය අගමැතිතුමාට භාර දෙන්න මම ඉතාම සතුටින් බාරගන්නවා…” ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ්වර්ධන් කීවේය.

පැන්ඩෝරා පේපර්ස් ගැන
ලංකාවේ කියන කතා

විපක්ෂයේ හැසීරීම ගැන ජනාධිපති කනස්සල්ලෙන්

පසුගිය සතියේ ආන්දෝලනාත්මක පුවතක් ලෙස පැන්ඩෝරා වාර්තා පිළිබඳ ආරංචිය මහත් වේගයෙන් සමාජය පුරා පැතිර යන්නට විය. පැන්ඩෝරා පේපර්ස්වලට සම්බන්ධව ලෝක නායකයන් විශාල පිරිසකගේ නම් හෙළිදරව්වක් ද සිදුවී තිබිණි. ඒ හා සමඟම ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් 90 කගේ පමණ නම් මේ පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව තුළ නිකුත් වී ඇතැයි කියා කතාවක් ද පැතිර ගියේය.

එහෙත් පසුගිය සතියේ අපි දේශපාලන කරළියේ කතාබහට ලක් වූයේ එම අනූවක් දෙනා අතරෙන් දෙදෙනකුගේ විස්තර පමණි.

එක් අයෙකු වූයේ තිරු නඬේෂන් නම් ව්‍යාපාරිකයෙකි. අනෙක් කෙනා ඔහුගේ බිරිඳ නිරූපමා රාජපක්ෂය. නිරූපමා, රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙකු නිසාම ඇය ගැන වඩාත්ම වේගයෙන් දේශපාලන වේදිකාවේ කතාබහ පැතිර යන්නට විය.

මේ පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු කණ්ඩායම ද පසුගිය සතියේ කතාබහ කරන්නට වූහ.

පැන්ඩෝරා පේපර්ස් ගැන තියන ආරංචිවලින් තවම හෙළිදරව් වෙලා තියෙන්නෙ නම් එකයි දෙකයි… තව නම් අනූවක් විතර එළියට එන්න තියනවා… රාජිත සේනාරත්න විස්තර කළේය.

ඥාති දුවගේ වත්කම් මෙහෙම නම් බාප්පලගෙ මහප්පලාගේ වත්කම් කොහොම වෙන්ඩ ඇද්ද… නලින් බණ්ඩාර කීවේය.

පැන්ඩෝරා පේපර්ස්වලින් නම් හෙළිදරව් උනාම පකිස්ථානයත් ඉන්දියාවත් වහාම කළේ ඒ ගැන පරීක්ෂණ පවත්වන්න පටන් ගත්ත එක. අපිත් ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය හරි ගෙන්වා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන… සජිත් යෝජනා කළේය.

නායකතුමාගේ යෝජනාව හරියටම හරි… කිරිඇල්ල කීවේය.

මේ කියන විදිහට ජනාධිපතිතුමත් අල්ලස් කොමිසමට පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා… ගයන්ත එස්එම්එස් පණිවිඩයක් පෙන්වමින් කීවේය.

”ජනාධිපති කොහොමද අල්ලස් කොමිසමට නියෝග දෙන්නේ… ඒක ස්වාධීන තැනක් නේ. ඒකත් රෙදි හෝදන ලොන්ඩරියක් කරන්න හදනවා ද දන්නෙ නෑ… මරික්කාර් සුපුරුදු මුඛරිකම විදහා පාමින් කීවේය.

මේ සල්ලි කාගේද… ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න ඕනේ… රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේය.

අනිත් එක නිරූපමා රාජපක්ෂ ඒ කාලේ මෙම මුදල් තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනවලට ඇතුළත් කරලා තියෙනවද නැද්ද කියලා හොයන්නත් ඕන… මයන්ත දිසානායක කීවේය.

මේ අයුරින් එම කතාබහ තවදුරටත් විවිධ මාතෘකාවන් ඔස්සේ පෙළ ගැසෙන්නට විය.

කාංසාව නැති කරන්න
රියැලිටි වැඩසටහන් 3ක්…

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍යාරක්ෂක නීති රෙගුලාසිවලට අනුකූලව යළිත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයට මහත් අභියෝගයක් විය.

දිගු කලක් සුපුරුදු රාජකාරිවලින් හා රැකී රක්ෂාවලින් ඉවත්ව නිවෙස්වලට වී පාළුවෙන් කාන්සියෙන් අලසකමින් දිවි ගෙවූ ජනතාව මානසිකව සුවපත් කර යථා තත්ත්වයට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. විශේෂයෙන්ම තරුණ පරපුර සුපුරුදු පරිදි යළි නගාසිටුවීම මහත් ගැටලූවක් විය.

මේ පිළිබඳව රජය අභ්‍යන්තරයේ පැවති කමිටු සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් වැඩි වගකීම් සමුදායක් නාමල් රාජපක්ෂ තරුණ ඇමැතිවරයාට පවරන්නට යෝජනා වූහ.

ඒ අනුව තරුණ නිර්මාණශීලීත්වය හා ක‍්‍රියාශීලිත්වය නගා සිටුවන්නට අලූත් අලූත් වැඩසටහන් හඳුන්වා දීමේ වගකීම ඔහුට පැවරිණි.

මේ පිළිබඳ නාමල් රාජපක්ෂ ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ ට කතා කළේය.

”පුළුවන් ද ‘තුරුණු ශක්ති’ වැඩසටහන ආයෙත් සැරයක් පටන් ගන්න”

”මොකද බැරි… ඒක අපේ වැඩසටහනක් නේ. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මෙතන සභාපති වෙලා ඉන්න කාලේ පටන් ගත්ත තුරුණු ශක්ති තමයි ලංකාවේ මුල්ම රියැලිටි වැඩසටහන. ඒ වේදිකාවෙන් බිහි වුණු සෂිකා නිසංසලාගේ පරපුර අදටත් ලංකාවේ ජනප‍්‍රියම තරු…”

”එහෙනම් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒක පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි අපට මේ අවුරුද්දේ රියැලිටි වැඩසටහන් තුනක් පටන් ගන්න වෙනවා. එකක් ක‍්‍රීඩාව සම්බන්ධයෙන්. අනික මේ රට බෙර වාදනය සම්බන්ධයෙන්. තුන්වෙනි එක තුරුණු ශක්ති. මේ තුනම ඉතා ඉක්මනින් සැලසුම් කරන්න..”

”අභියෝගය සතුටින් බාරගන්නවා… හැබැයි ඉතින් ඒකට හොඳ රූපවාහිනී චැනල් එකකුත් ඕන වෙයි.

”එකක් නොවෙයි… චැනල් තුනක්ම ලෑස්ති කරල දෙන්නම්. බය නැතුව වැඬේ පටන් ගන්න…” නාමල් එසේ කියමින් දුරකථනය තැබුවේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඇතුළු මුළු මහත් විපක්ෂය ම මෙම පැන්ඩෝරා පේපර්ස් එළිදරව්ව ඔස්සේ රජය වෙත දේශපාලන විවේචන ගෙන එන්නට පටන් ගත්තේය. පසුගිය සතියේ විවිධ මාධ්‍ය ඔස්සේ පැවති විවිධ සංවාද මණ්ඩපවල දී ද මෙම කතාබහ දිග්ගැසුණු අයුරු අපට දැකගත හැකි විය.

ඇතැම් මන්ත‍්‍රීවරු හා ස ජ බ පක්ෂයට සම්බන්ධ ඇතැම් නීතිවේදීන් ද තම ජීවිත කාලයේ දුටු ලොකුම අපරාධය මෙය බව සනාථ වන සේ කරුණු දක්වන ආකාරය අපිට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. මේ පිළිබඳව සංවාදය පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ හිරු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනේදී ද සාකච්ඡාවට බඳුන් විය.

එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් සංවාදයට සහභාගි වූ නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ජනාධිපතිවරයා ද මෙම සිද්ධිය හා සම්බන්ධ කරමින් එක්තරා අන්දමක බරපතළ චෝදනාවක් කළේය.

”අපේ කාලේ හොරු අල්ලන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් අපිට බැරි වුණා. ඒ මොකද එක හොරෙක් රටේ ජනාධිපති වුණා අනිත් හොරා මුදල් ඇමැති වුණා.”

අජිත් පෙරේරා මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ කාටදැයි ආණ්ඩුවේ පාර්ශ්වය නියෝජනය කරමින් විවාදයට සහභාගි වූ වසන්ත යාපා මන්ත‍්‍රීවරයා පුන පුනා විමසද්දීත් අජිත් පෙරේරා හිටපු මන්ත‍්‍රීවරයා කීවේ ඒ චෝදනාව ජනාධිපතිවරයාට බවකි. ආණ්ඩු පාර්ශ්වයෙන් සහභාගි වූ මන්ත‍්‍රීවරු දෙදෙනාම මේ පිළිබඳව විරුද්ධත්වය ප‍්‍රකාශ කළත් අජිත් පී. පෙරේරා ඒ පිළිබඳව කනගාටුව පළ කළේවත් ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේවත් නැත. රටේ ජනාධිපතිවරයාට එවන් ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක දී හොරෙක් කියා චෝදනා කරන තරමට විපක්ෂයේ දේශපාලන සදාචාරය පල්ලම් බැස තිබීම ගැන සාර්ථක විවේචනයක් ගෙන එන්නට එම සංවාදයේදී ඉදිරිපත් වූ දේශපාලනඥයින් දෙදෙනාම අපොහොසත් වීම කැපී පෙනෙන කාරණාවක් විය.

ජනපති ගෝඨාගෙන්
සජිත්ට අවවාදයක්…

රජය රට වෙනුවෙන් ඉටු කරන හොඳ වැඩ ගැන ස ජ බය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂත් යම් යම් කල්ලි කණ්ඩායමුත් දක්වන විරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළාන්තයේ ලොකු කතිකාවක් ඇතිවිය.

”ඒ ගොල්ලන්ගේ විවේචනවලට කිසිම පදනමක් නෑ. මුළු ලෝකෙන්ම හොඳයි කියලා කියන සමහර දේවල් පවා මේගොල්ලන්ට නරකයි. උදාහරණයක් වශයෙන් අපේ රට කාබනික වගාවකට හුරු කරවීම හොඳ දෙයක් හැටියට ලෝකෙම පිළිගන්නවා. නමුත් සජිත්ට වැරදියි. කොවිඞ් අර්බුදයෙන් රටත් ජනතාවත් මුදාගන්න අපි ලෝකෙන්ම මුල් තැනට ඇවිත් එන්නත්කරණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා… නමුත් සජිත් ලා ඒ කිසි දෙයක හොඳක් දැක්කෙ නෑ… ඇයි මෙහෙම කරන්නේ…

”ඒගොල්ලො මේ වෙලාවේ පටු දේශපාලන වාසි ලබාගන්න ඉතා පහත් විදියට රටේ තිබෙන දැවෙන ප‍්‍රශ්න පාවිච්චි කරනවා. හැමෝම එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ වෙන්න ලෝකේ අනිත් රටවල් කටයුතු කරද්දී අපේ රටේ විපක්ෂය විතරක් තට්ටු මාරු දේශපාලනය ඔළුවේ තියාගෙන වැඩ කරනවා…”

නිලධාරීන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ එම ක‍්‍රියා කලාපය කිසිලෙසකත් වගකීමකින් කටයුතු කරන විපක්ෂයකට තරම් නොවන බවය.

”මේ ගැන මම සජිත් එක්ක කතා කරනවා… මෙච්චර දවසක් මම මේ ගැන නිහඬව හිටියා. හැබැයි මේගොල්ලොන්ගෙ මේ පටු දේශපාලන ක‍්‍රියාපිළිවෙත රටත් ජනතාවත් දැනගන්න ඉඩ හරින්න ඕන…” ජනාධිපති කීවේය.

”දැන් අපි ඉවසගෙන හිටිය හොඳටම ඇති. මීළඟ අවුරුදු තුන ඇතුලේ දැඩි තීන්දු තීරණ අරගන්න මම පැකිලෙන්නෙ නෑ. ජනතාව, විවිධ සංවිධාන, මහා සංඝරත්නය බලාපොරොත්තු වුණ කාර්යභාරය දශමයකින් වත් අඩු කරන්න මම සූදානම් නැහැ. මෙතෙක් රජයෙන් බලාපොරොත්තු වුණු සියලූ දේ ඉටු කරනවා වගේම අපෙන් සිදුවුණ වැරදි නිවැරදි කරන්න මම පසුබට වෙන්නෙත් නැහැ…

ජනාධිපතිවරයා හා රජයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනා අතර පැවැති මෙම සාකච්ඡාවේ අතරතුර ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු කතා කළේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට බව කතාබහෙන් සෙසු නිලධාරීන්ට කරුණු වැටහී ගියේය.

”කාබනික පොහොර යොදාගෙන කරන වගාවකට රට හුරු කරන එකට මුළු ලෝකෙම පක්ෂයි. මට ඔබතුමාගේ ක‍්‍රියාකලාපයෙන් පේන්නේ ඔබ ඒ ගැන දැඩි විරෝධයක් දක්වන බවයි. මොකක්ද ඒකට හේතුව කියලා මම දැනගන්න කැමතියි…”

”ඇයි ඔබතුමා එකපාරටම එහෙම අහන්න කල්පනා කළේ…” අන්දමන්ද වූ සජිත් අසා සිටියේය.

”ඔබතුමා කරන ප‍්‍රකාශවලින්, ඔබතුමා එක්ක ඉන්න අනිත් අය කරන වැඩවලින් සමාජයට ඒ බව ඒත්තු යනවා…”

”කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හා එහි නිලධාරීන්ගෙන් ලොකු චෝදනා පත‍්‍රයක් තියෙනවා ඔය කාබනික වැඩපිළිවෙල සාර්ථක නෑ කියලා… කාබනික වැඬේ සම්බන්ධයෙන් රිපෝට් එකක් අපිට එතනින් ඇවිත් තියනවා… අන්න ඒ රිපෝට් එකේ තියෙන කරුණු අනුව තමයි අපි මේකට විරුද්ධව කතා කළේ…” සජිත් පේ‍්‍රමදාසගේ උත්තරයට අනුව දුරකථනය විසන්ධි කළ ජනාධිපතිවරයා ඊළඟට කතා කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ටය.

”කාබනික පොහොර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඕගොල්ල හදපු මොකක් හරි රිපෝට් එකක් තියෙනවාද. මට ආරංචි වුණා ඒ වැඬේ අසාර්ථකයි කියලා ඔයගොල්ලෝ කරුණු දක්වලා හදපු රිපෝට් එකක් පිට වෙලා තියෙනවා කියලා. මොනාහරි ලියවිල්ලක් ප‍්‍රසිද්ධ වෙලා තියෙනවා…”

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයෙන් අන්දමන්ද වූ නිලධාරීන් ඒ ගැන එහාට මෙහාට දුරකථන ඇමතුම් දෙමින් සොයා බලන්නට වූහ. අවසානයේ ජනාධිපතිවරයාට කතා කළ ඉහළම නිලධාරියා…

”මම දන්න විදියට එහෙම කිසිම රිපෝට් එකක් නෑ… මම ඒ ගැන හොඳටම හොයලා බැලූවා…”

ඒ උත්තරය ලද සැණින් සියලූ කතාබහ නතර කළ ජනාධිපතිවරයා යළිත් වතාවක් සජිත් පේ‍්‍රමදාසගේ දුරකථනයට කතා කළේය.

”මම හොඳට හොයලා බැලූවා… ඔබතුමා ඔය කියන විදියේ කිසිදු වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැහැ… තට්ටුමාරු දේශපාලන ඔළුවේ තියාගෙන ඔබතුමා ඔය විදියට හැසිරෙන එක වැරදියි ජාතික වැදගත්කමක් සහිත කාරණාවලදී.. ඔබතුමා විපක්ෂනායකවරයා හැටියට වගකීමකින් කටයුතු කරන්න ඕන… ජාතික වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන විට ඒවාට දේශපාලනය ඈඳා ගැනීම හොඳයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ… අවුරුදු 70 ගාණක්ම අපි ඒ විදිහට වගකීමකින් තොරව දේශපාලනය කිරීමේ ප‍්‍රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා… අපි දැන් නැවත නැවතත් ඒ වැරදි ම කළ යුතු නෑ…” එලෙස සජිත් පේ‍්‍රමදාසගේ දුරකථනයට කතා කළ ගෝඨාභය රාජපක්ෂ ඉනික්බිතිව දුරකථනය විසන්ධි කළේය.

ඉදිරි වසර තුන ගැන
ජනපතිගෙන් සහතිකයක්

පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ වාද විවාද කිහිපයක්ම ඇති විය. පැන්ඩෝරා පේපර්ස් පිළිබඳ සංවාදය ඒ අතර කැපී පෙනුණු එකක් විය. ඒ අතර පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම් දෙකක්ද පැවැත්විණි. ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ ද හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කළේය.

මෙම විශේෂ කැබිනට් සාකච්ඡාව බ‍්‍රහස්පතින්දා සවස 5.30ට ආරම්භ විය. පැය එකහමාරක කාලයක් සැලසුම් කර තිබුණ මේ කැබිනට් සාකච්ඡාව පැය 4ක පමණ කාලයක් දීර්ඝව පැවතිණි. ජනාධිපතිතුමා මෙහිදී දීර්ඝ කතාවක් කළේය.

”ජනාධිපතිවරණයෙන් අපි විශාල ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ ජයග‍්‍රහණය ඇතුලේ තිබුණේ මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු. නමුත් කොවිඞ් වසංගතය නිසා අපි ඉලක්ක කරගත් ඒ බලාපොරොත්තු ඉදිරියට සම්පූර්ණ වශයෙන් ගෙනියන්න බැරි වුණා. සුළු වශයෙන් අපිට අරමුණු කරා ළඟා වෙන්න පුළුවන් වුණේ. සමස්ත රජයක් කළ යුතු වැඩ කොටසක් සුළු පිරිසක් එක්ක තමයි කොවිඞ් නිසා ඉටු කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්.

නව සාමාන්‍යකරණයට හුරු වෙමින් අපි සියලූ අභියෝග මැඬ පවත්වාගෙන ඉස්සරහට යන්න ඕන.

පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති. අපි ඒ පිළිබඳව ස්වයං විවේචනයක් සහිතව ඉස්සරහට යමු. යම් යම් අනවබෝධයන් තුළින් වුණු අඩුපාඩු මඟහැර ගත යුතුයි. එකතු වෙලා වැඩ කරමු දැන්. එක අධිෂ්ඨානයකින් එක ශක්තියකින් අපිට වැඩ කරන්න පුළුවන්. පසුගිය කාලය දෙස බලලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑම ඉතා වැදගත්. ඉදිරි අවුරුදු 3 ජනතාව දුන්න ජනවරම දෙස වගේම ජනතාවට අපි දුන් බලාපොරොත්තු ඉතා නිවැරදිව ඉලක්ක සහගතව පෙරට ගන්න ඕන.”

ජනාධිපතිතුමාගේ මේ දේශන සියලූ දෙනා දැඩි උනන්දුවකින් අසා සිටියහ. ඉන් පසු බැසිල් රාජපක්ෂ මහතා කතා කළේය.

”ජනාධිපතිතුමනි, ඇමැතිවරුනි, අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යන්න අපිට පුළුවන්. පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව හදන්න ප‍්‍රමුඛ කාර්යයක් කළා. නමුත් ඒ සියල්ල එක අරමුණක් වෙනුවෙන් බව අපි හැමෝම දන්නවා. දේදුන්නක් වුණත් ලස්සන වෙන්නේ පාට පාට එක් වුණාම. ඒ නිසා අපි හැමෝම එකාවන්ව ඉස්සරහට ගිහින් ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා ගැන යම් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් බලාපොරොත්තු අතහැර ගෙන තිබුණා නම් එය අපි නිවැරදි කරමු.”

”ඔව් ජනාධිපතිතුමනි, අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති. කොවිඞ් වසංගතය සහ පැවති තත්ත්වයන් එක්ක හැමෝම හිටියේ කලබල වෙලා. අපි ඒවා නිවැරදි කරගමු. සාමූහිකව මේ ගමන ගියොත් අපේ කකුලෙන් අදින්න කකුල් මාට්ටු දාන්න කිසි කෙනෙකුට හැකි වෙන්නේ නෑ. අපි එක්ව ජයගමු. මේක අපි හැමෝම හදපු ආණ්ඩුව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගන්න. ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න.” විමල් කතා කරමින් කීවේය.

ඉන් පසුව ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ සිය අදහස් දක්වමින් කියා සිටියේ…

”අද කැබිනට් සාකච්ඡාව ඉතා හොඳ තැනකට ආවා… සම්පූර්ණ ජවයෙන් ඉදිරි අවුරුදු තුන වැඩ කරලා ආණ්ඩුවත් ජනතාවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකට යමු…” කියාය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment