විපක්ෂය කෑගහන්නෙ පළාත් සභා ඉලක්ක කරගෙන

321

විපක්‍ෂය මේ දිනවල ජනතා ප‍්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා වූ හඬක් මතුකර ගැනීමට යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ආණ්ඩුව ජනතා ප‍්‍රශ්න විසඳීමට නිරතුරුව කැපවී සිටින බව සඳහන් කළ අග‍්‍රාමාත්‍යවරයා එනිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය පලූදු වීමට ඉඩ නොතබන බවද කීවේය.

ඡන්දයක් ළංවෙන කොට විපක්‍ෂයට ජනතාවගේ විශ්වාසය ඇතිකර ගැනීමට හඬක් අවශ්‍යයි. ඒ හඬ ඇතිකර ගැනීමටයි ඔවුන් මේ උත්සාහ කරන්නෙ. අප බලයට පත්වුණේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න මිස ඒවා පැහැර හරින්න නොවෙයි. කොවිඞ් වසංගතය නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩාවැටී තිබෙනවා. එය අප වැනි රටවලට දැඩිව බලපානවා. විපක්‍ෂය මෙය දන්නවා. එනිසා ඔවුන් මේ නිරතවන්නේ ජනතා ප‍්‍රශ්න යැයි කියමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක. එය ජනතාව වටහාගත යුතුයි යැයි ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment