විපක්ෂ නායකට අගමැතිගෙන් සැර පිළිතුරක්

2022


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයේ නිවැරදි මාවත යනු ඇතැයි තමා විශ්වාස කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂ නායකවරයා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ වැඩ තහනමට ලක්ව සිටින තෙල් සංස්ථා වෘත්තීය සමිති සේවකයින් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා නැගූ පැනයක් හමුවේ අගමැතිවරයා මේ බැව් පැවසීය.විපක්ෂ නායකවරයාගේ පියා වන හිටපු ජනාධිපතිවරයකු වන ආර්.ප්‍රේමදාස මහතා වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතවූ සේවකයින් 53,000ක් නෙරපා දැමූ බවත් ඒ සම්බන්ධව තමා එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කොතරම් ඉල්ලීම් කළත් ඊට ඔහු කන් නොදුන් බවත් පැවසූ අගමැතිවරයා ඒවා අමතක කර විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන බව ද කීවේය.මෙහිදී ඊට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා තම පියා කළ සියලු දේ තමා අනුමත නොකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment