විපක්ෂ නායක සජිත්ට ශාසන කීර්ති දේශාභිමානී  ශ‍්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමයි

179

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ඊයේ (11දා) ශාසන කීර්ති දේශාභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය. ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව ප‍්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

සසුනට අරුණ, සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක්, සක්වල වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් පේ‍්‍රමදාස මහතා මීට පෙර ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් ශාසන දීපන අභිමානි ශ‍්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment