විපක්ෂ නියෝජිතයෝ කථානායක හමුවෙති

241


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී අද සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර 2023 අයවැයෙන් මැතිවරණ පැවැත්වීම සදහා වෙන්කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිදහස් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට මෙහිදී යෝජනා වී ඇති අතර කථානායකවරයා ඊට සිය එකඟතාවය පළකර තිබේ.

විපක්ෂනායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවත් පවත්නා බරපතළ තත්ත්වය මහපාරට පැමිණ ඇති බවත් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන විරෝධතා ඉදිරියේදී තවත් උග්‍රවිය හැකි බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment