විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න

66

ජනපතිගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව කඩිනමින් සහන කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ (16දා) උපදෙස් දී තිබේ.

ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙසත් එම ජනතාවගේ සනීපාරක්‍ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමුකරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දී තිබේ.

මෙහිදී සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රේඛීය අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන ලෙසත් සහන වැඩපිළිවෙලේදී රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස්දී තිබේ. ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිළිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, මහනුවර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 11 කට බලපෑ තද සුළං, නාය යෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක පවුල 15,404 ක් පීඩාවට පත්ව සිටින බව ඊයේ (16 දා) වන විට වාර්තාවී තිබුණි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් 439 ක පුද්ගලයෝ 1927 ක් ආරක්‍ෂිත ස්ථාන 21 ක රඳවා සිටිති.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment