විභාග මධ්‍යස්ථානය ඇතුළේදීම නිරීක්ෂකයා ඇදවැටී මියයයි

224

වත්තේගම බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ විභාග නිරීක්ෂකයකු විභාග මධ්‍යස්ථානයේ දී හදිසියේ ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමට සුළු මොහොතකට පෙර ඊයේ (07දා) පෙරවරුවේ මොහු හදිසියේ අසනීප වී ඇදවැටී ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.ජේ. සිල්වා නමැති 48 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු කටුගස්තොට ප්‍රදේශයේ විදුහලක සේවය කරන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

වත්තේගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විභාග මධ්‍යස්ථානයේ සිටි අයගේ ද සහයෝගය ලබා ගනිමින් අසනීප වූ ගුරුවරයා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය ගුරුවරයාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.

මොහු හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි සැක කරන අතර මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව බව පොලිසිය පවසයි.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment