විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි

92

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන අයුරු

නොටන්බි්‍රජ් ජල පෝෂක ප්‍රදේශයට 02 දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය (03) දින උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.

විමසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් පිහිටි ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර, පවතින අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නෝටන්බි්‍රජ් හරහා මස්කෙලිය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා

ගමන කටයුතු (03) දින උදෑසන සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නෝටන්බි්‍රජ් පොලිසිය පැවසීය.

එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් පස් සහ ගල් පර්වත පෙරළී ඇති නිසා මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් නොර්වුඩ් මාර්ගය හරහා ධාවනය කරවන ලෙස නොටන්බි්‍රජ් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment