විමල්ගෙන් ජනපතිට ලිපියක්

423

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වහාම කටයුතු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති ධුර ගණන 30ක් වියයුතු බවත් ඔවුනට මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබාදිය යුතු බවත් යෝජනා කර තිබේ.හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ යුතු බවත් විරෝධතාකරුවන්ගේ යෝජනාද ඇතුළත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව ද යෝජනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment