විමල්ගේ බිරිඳගේ අභියාචනය අද සලකා බලයි

253

නීත්‍යනුකූල නොවන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලන අභියාචනය අද (30 වැනිදා) සලකා බැලේ.

පූර්වගාමී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ඉකුත් 27 වැනිදා ශෂී වීරවංශ මහත්මිය අදාළ චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් නියම කළ අතර එම සිරදඬුවමට අමතරව රුපියල් ලක්‍ෂයක දඩයක් ද නියම කළේය.

මේ අතර පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ශෂී වීරවංශ මහත්මියට නියම කළ සිරදඬුවම් ඇතුළු දණ්ඩනයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බැවින් එම කොන්දේසියට යටත්ව ඇය ඇප මත මුදාහරින ලෙස නීතිඥ ආර්. ඒ. වී. රණවක මහතා ගොනු කළ ඇප ඉල්ලීමේ අභියාචනාව සලකා බැලීම අද කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා 27 වැනිදා පස්වරුවේ නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment