විමල්ගේ වත්කම් නඩුව අද කැඳවයි

274

අමාත්‍ය වරයෙකු වශයෙන් 2010 වසර සිට 2014 වසර දක්වා කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කර තිබේ.මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට කරුණු දක්වා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment