විමල්ට එරෙහි අල්ලස් නඩුවට අද වෙච්චදේ

532

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment