විමල්ට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 16 ට කල්යයි

101

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරුවේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 16 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28 දා) දින නියම කළේය.

එම නඩුවේ අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තිය පෙර නඩු දිනයේදී ඉදිරිපත් කළ මූලික විරෝධතාවය එදිනට හෝ ඊට පෙර ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරනා ලෙසට ද නියෝග කළ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ලිඛිතව ගොනු කරනා ලෙසට පැමිණිල්ලට ද නියෝග කළේය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2010.01.01 හා 2014.12.31 යන කාලය අතරතුරදී එලෙස අයථා ලෙස උපයාගත් මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි පැමිණිල්ලෙන් චෝදනා නඟා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment