විමල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

327

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් මංමාවත් අවහිර කර මහජන පීඩාවක් වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම හා පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අගෝස්තු 29 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ  (30 දා) නියෝග කළේය.

2016.02.06 වැනිදා කොළඹ හැව්ලොක් මාර්ගය හා බෞද්ධාලෝක මාවත අවහිර කරමින් එලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමෙන් පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කරමින් විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න හා පියසිරි විජේනායක යන සැකකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබිණි.

එම සැකකරුවන් ඊයේ (30 දා) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment