විමල්ලා රාමඤ්ඤ නාහිමිට ගතු කියති

129


පක්ෂ 11ක නායකයින් විසින් මුළු රටම හරිමගට, ජාතික වැඩපිළිවෙළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමිට පිළිගැන්වීම අද (28) සිදු කෙරිණි.

තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද ,මුළු රටම හරිමගට, ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු යොදා තිබේ.

ඒ අනුව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන් බැහැදැකීම මීරිගමල මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදි සිදුවිය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශල පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුල යුතුකම සංවාද කවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු පක්ෂ 11ක එකමුතුවේ නායකත්වය මුළු රටම හරිමගට, ජාතික වැඩපිළිවෙළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වෙත පිළිගැන්වූ අයුරු පහත දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment