විමල් – උදය ආණ්ඩු පක්ෂයේ නම් පස්සට විපක්ෂයේ නම් ඉස්සරහට

305

කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිටින්නේ නම් ඔවුන් පාර්ලිමේන්තුවේ පසුපස ආසන වෙත යැවෙන නමුත් ඔවුන් විපක්ෂයේ අසුන් ගතහොත් ඔවුනට පාර්ලිමේන්තුව තුළ ඉදිරි පෙළ අසුන් හිමිවනු ඇත.

එම මහත්වරුන්ට දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුන් හිමිව තිබේ. ඇමැති ධුරවලින් ඉවත් කිරීමත් සමග ඔවුන්ගේ මන්තී‍්‍ර ජ්‍යෙෂ්ඨත්වය මත හිමිවන පසුපෙළ ආසන වෙත යැවෙන බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ඔවුන්ට පක්ෂ නායකයින් ලෙස ඉදිරි ආසන ලබාදිය යුතුද නැද්ද යන්න තීරණය කරනුයේ ආණ්ඩු පක්ෂය විසින් බවත් මෙතෙක් පසුපෙළ නියෝජනය කළ එස්. බී. දිසානායක සහ දිලූම් අමුණුගම යන මහත්වරුන්ට කැබිනට් ඇමැත ධුර හිමිවීමත් සමග ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමි වේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment