විමල් මුදලාලිගේ ඉන්දුනීසියන් ෆර්නිචර් – අබ්ලික් Story

400

කුරුණෑගල නගරයට නුදුරු ප‍්‍රදේශයක මහා පරිමාණ ගෘහ භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය විමල් ඉතාම කෙටි කාලයකින් මහා සල්ලිකාරයෙක් බවට පත්වෙලා හිටියා.

කොළඹ මහ හෝටල් වලට, ව්‍යාපාරික ස්ථාන වලට වගේම කෝටිපතියන්ගේ ගෙවල්වලට ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරපු විමල් ඉන් අතිවිශාල ධනයක් ඉපයුවා.

විමල්ගේ ගෘහ භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරය තිබුණේ කුරුණෑගලට නුදුරුවයි. පසුගිය දවසක මේ ගෘහ භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයට බොහෝ හැඩවැඩ කාන්තාවක්  ගොඩවැඳුණා.

විමල් මුදලාලිගේ ඉන්දුනීසියන් ෆර්නිචර් - අබ්ලික් Story



බැලූ බැල්මට එයා කොළඹ හතේ නෝනා කෙනෙක් වගෙයි පෙනුනෙ. හැඩවැඩ වෙන්න ඇදලා සිටියා. මේ කොළඹ හතේ නෝනා ලී බඩු සාප්පුව පුරා ඇවිදලා බඩු පරීක්‍ෂා කළා.

ඔයාලා ඉන්පෝට් බඩු ගේන්නෙ නැද්ද, මං හොයන්නෙ ඉන්දුනීසියන් ෆර්නිචර්ස්. මේ කාන්තාව කැඩිච්ච ඉංගී‍්‍රසියෙන් විමසුවා.

ඒ වෙලාවෙ විමලූත් ලී බඩු සාප්පුවෙ හිටියා. විමල් ගමේ හැදිච්ච මනුෂ්‍යයෙක්. මහා සල්ලි කාරයෙක් වුනාට මහ ලොකු දැනුමක් එයාට තිබුණේ නැහැ.

අපි ලංකාවේ ලී බඩු තමයි මැඩම් කරන්නෙ. මැඩම් පැටන් ඕනෙම දෙයක් කියන්න. අපට පුළුවන් හදවලා දෙන්න.

විමල් බොහොම නිරහන්කාරව උත්තර දුන්නා.

විමල් මුදලාලිගේ ඉන්දුනීසියන් ෆර්නිචර් - අබ්ලික් Story

මං පි‍්‍රන්සි. අවුරුදු ගානක් පිටරට රස්සාවල් කීපයක් කළා. දැන් අවුරුද්දක් වෙනවා ලංකාවට ඇවිත්. අලූතෙන් ගත්ත බංග්ලෝ එකට ෆර්නිචර් හොයනවා. ප‍්‍රින්සි විමල්ට කිව්වා. ගමේ ගොඬේ හැඳුනට විමලූත් සුන්දර කාන්තාවන් ඇසුරට දැක්වූවේ පුදුමාකාර ආශාවක්. ප‍්‍රින්සිගේ රූපයටත් විමල් වශීවෙලා හිටියෙ. එයාගේ කතා බහට හැසිරීමට විමල්ගෙ හිත ඇදිලා ගිහිල්ලා.

කොහොම කොහෙම හරි මේ දැන හඳුනා ගැනීම අනියම් සම්බන්ධයක් දක්වා දුරදිග යන්න එතරම් කාලයක් ගත වුණේ නැහැ. දැන් ප‍්‍රින්සි දවසකට තුන් හතර වතාවක් විමල්ට දුරකථන ඇමතුම් දෙනවා. මේ බැඳීම කොයිතරම් දුරදිග ගියාද කියනවා නම් විමල් අලූතෙන්ම හදපු කළුවර කවිච්චියකුයි තවත් පුටුසෙට් එකකුයි ප‍්‍රින්සිට නොමිලේම දුන්නා.

විමල් ඔයා හැමදාම ගොඩයා වගේ ගමට වෙලා ඉඳලා බිස්නස් කරලා වැඩක් නැහැ. ලෝකෙ  ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. ඔයා අලූත් බිස්නස් එකක් පටන් ගන්න. මන් ඔයාට උදව් කරන්නම්.

බිස්නස් එක වැඩි දියුණු කරගන්න ආකාරය ගැන ප‍්‍රින්සි විමල්ට උපදෙස් දුන්නා.

අපි ඉන්දුනීසියා ගිහින් ලී බඩු ගේමු. ඒවට දැන් හොඳ ඉල්ලූමක් තියනවා. මං ඔයා එක්කගෙන යන්නම්. අපිට හොඳ රවුමක් ගහලා එන්නත් පුළුවන්.

ප‍්‍රින්සි එහෙම කිව්වට පස්සෙ විමල්ටත් ඉන්දුනීසියන් ෆර්නිචර්ස් ගේන අදහස පහළ වුණා.

ඉන්දුනීසියා යන්න ගුවන් ටිකට්පත් වීසා හැදුවේ ප‍්‍රින්සි. ඒ වෙනුවෙන් වැය වූ හැම වියදමක්ම විමල් දැරුවා.

සල්ලි ටිකක් වැඩිපුර අරන් ගියොත් අපට කන්ටේනර් තුන හතරකට බඩු ගන්න පුළුවන්. එතකොට එකපාර ලොකු ලාභයක් ගන්නත් පුළුවන් වෙයි.

ප‍්‍රින්සිගේ උපදෙස් අනූව විමල් ඉන්දුනීසියන් ෆර්නිචර් ගේන්න රුපියල් කෝටි එකහමාරක් විතර මුදල් ගෙනියන්න ලෑස්ති කරගත්තා. මේ මුදල් ඩොලර් වලට හරවා ගත්තෙත් ප‍්‍රින්සිමයි. දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන විමල් ප‍්‍රින්සිත් එක්ක ඉන්දුනීසියා ගියා. විමල්ට ඉංග‍්‍රීසි දැනුමක් තිබුණෙම නැහැ. ඒ නිසා විමල් පිටුපසින් ඉඳලා හැම වැඩක්ම කරලා දුන්නෙ ප‍්‍රින්සි. දෙන්නා ජාකර්තා නගරයේ සුපිරි හෝටලයක නවාතැන් ගත්තා. දෙන්නා ෂොපින් කරලා හොඳ හොඳ ගෙවල්වලින් කෑවා. බිව්වා. විමල් ඒ දවස් ටික පුදුමාකාර සතුටක් වින්දා.

අපි දැන් කවද්ද ෆර්නිචර් ගන්න යන්නෙ. විමල් ප‍්‍රින්සිගෙන් විමසුවා. අපි හෙට උදේට යනවා බඩු ගන්න. ඔන්න හෙට උදේට ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. හෙට දවස අපට වැඩ ගොඩක් තියෙනවා.

ප‍්‍රින්සි විමල්ට කිව්වා. පසුදා පහන් වුණා. විමල් අවදි වෙද්දී ප‍්‍රින්සි හෝටල් කාමරේ හිටියෙ නැහැ.

ප‍්‍රින්සි කොහෙ ගියාද මට නොකියා කොහෙවත් යන්නෙ නැහැ.

විමල් පැය ගානක් හෝටල් කාමරේට වෙලා බලන් හිටියා. ප‍්‍රින්සි එනකල්. ඒත් එයා ආවෙ නැහැ. අන්තිමේදී විමල් එයාගේ ගමන් බෑගය පරීක්‍ෂා කළා. ලී බඩු ගන්න ගෙනාව කෝටි එකහමාරක ඩොලර් නෝට්ටු මිටිය අතුරුදන් වෙලා.

විමල්ට දෙලෝ රත්වුණා. කර කියා ගන්න දෙයක් නැහැ. අතේ ශත පහක් නැහැ. ආපහු ලංකාවට යන විදියක් දන්නෙත් නැහැ.

කර කියාගන්න දෙයක් නැතිව අසරණ වෙච්ච විමල් හෝටලෙන් එලියට බැහැලා හතර අතේ ඇවිද්දා මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව.

ඔන්න ඔය අතරෙදි තමයි විමල්ට ලංකාවෙන් ඇවිත් හිටිය ව්‍යාපාරිකයෙක් මුණ ගැහුණේ. ඒ ව්‍යාපාරිකයාට විමල් සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිව්වා.

අන්තිමේදී ඒ ගුණයහපත් මනුස්සයා මැදිහත් වෙලා හෝටල් බිලත් ගෙවලා විමල්ට ලංකාවට එන්න අවස්ථාව සලස්වලා දුන්නා.

විමල් ආපසු ලංකාවට ආවට පස්සේ ප‍්‍රින්සිගේ බංගලාව හොයාගෙන ගියා.

ආ ප‍්‍රින්සි නෝනා මේ ගේ අරන් තිබුණේ මාසයක් කුලියට ඉන්න. එයා දැන් ටික දවසකට ඉස්සර රට ගියා. අපි දන්නේ නැහැ එයා ගැන. නිවෙස් හිමියා එහෙම කිව්වම විමල්ට තරු විසි වුණා. මේ ප‍්‍රශ්නෙ පොලිසියට ගියොත් ආත්ම ගෞරවය රෙද්දපල්ලෙන් බේරෙනවා. ඒ නිසා සිද්ධවෙච්ච පාඩුව විඳ දරාගෙන ඉන්න විමල් තීරණය කළා.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment