වියට්නාමයේ ගැඹුරු වළකට වැටුණු ළමයකු සෙවීමේ මෙහෙයුමක්

207

වියට්නාමයේ ගොඩනැගිලි ඉදි කරන වැඩ භූමියක අඩි 115ක් පමණ ගැඹුරු පටු වළකට ඇද වැටී ඇති දස හැවිරිදි වියෙහි පසුවන ළමයකු බේරා ගැනීමේ පුළුල් මෙහෙයුමක් දියත් කිරීමට එරට සහන කණ්ඩායම් විසින් පියවර ගෙන තිබේ.

නව වසර උදා වීමට පෙර දිනයේ නැති වූ ලෝහ කැබැල්ලක් සොයමින් සිටි දකුණු වියට්නාමයේ ඩොන්ග් තාප් ප්‍රදේශයේ පදිංචි ලී හාවෝ නාම් නමැති පිරිමි ළමයා මෙම වළට ඇද වැටී ඇති අතර ඔහුට ආශ්වාස කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් බටයක් මාර්ගයෙන් ලබා දීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මුල් දින දෙකේ වළට ඇද වැටී ඇති ළමයා හඬනු අසන්නට ලැබුණ ද පෙරේදා (02දා) සිට ළමයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment