වියදමෙන් 45% ක් යන්නේ කජුවලට වරායේ කෑම එකෙන් කජු ඉවත් කරන්න – ඇමැති නිමල් සිරිපාල

970

වරායේ ලබාදෙන ආහාරවලින් සියයට 45ක් පමණ වියදම් වන්නේ කජු ව්‍යංජනයට බවත් කජු වෙනුවට ආදේශ ආහාරයක් කෑම වේලට එකතු කරන ලෙසත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දිනකට දිවා ආහාරය 5000 කටත් රාත්‍රි ආහාරය 3500 ක් වරායේ මුළුතැන්ගෙයි සකස් කරන බවත්, එක් ආහාර වේලක් රුපියල් 450 ආසන්න වන බවත් ඇමැතිවරයා සහ වරාය වෘත්තීය සමිති අතර ඊයේ (16 දා) සිදුකළ සාකච්ඡාවකදී වෘත්තීය සමිති ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

1976 ඉදිකළ වරාය මුළුතැන්ගෙය ඉන්පසු මේ දක්වා භෞතික වශයෙන් උපකරණ වශයෙන් ප්‍රතිසංස්කරණය සිදුකර නොමැති බවද එහි සේවකයන් ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත. දැනට වරායේ කෑම උයන ගෑස් ලිප් උපකරණ ඉතා පැරණි බවත් ඒ නිසා ගෑස් අපතේ යෑමක් සිදුවන බවත් ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

වරාය මුළුතැන්ගෙයි සේවක සේවිකාවන් 169 දෙනකු සේවය කරන නමුත් ඔවුන්ට නිසි සනීපාරක්‍ෂක පහසුකම් නොමැති බව ඇමැතිවරයාට පෙනී යෑමෙන් පසු එය නිවැරැදි කිරීමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා වරාය නියෝජ්‍ය සභාපති ගයාන්

අලගියවන්න මහතාට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment