වියපත් අඹුසැමි යුවළක් එකම වෙලාවක මියගිහින්

551

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

දකුණු කළුතර පරණ පාරේ නිවසක පදිංචිව සිටි වියපත් අඹුසැමි යුවළක් ඉකුත්දා අලූයම එකට මියගොස් තිබූ අතර එම මරණ දෙකම ස්වාභාවික හේතූන් මත මොළයේ ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් සිදුවූ මරණ බව කළුතර තොටුමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්. ඒ. කුමසාරු මහතා නිගමනය කළේය.

 මෙසේ මියගොස් ඇත්තේ ලංගම විශ‍්‍රාමික පරිපාලන නිලධාරියකු වූ අමරනාත් ජයසිංහ (අවු.73* සහ විපුලාවතී ජයසිංහ (අවු. 74* නම් වූ අඹු සැමි යුවළකි.

 තම දියණිය සහ බෑනා සමඟ මොවුන් එකම නිවසේ පදිංචිවී සිට ඇති අතර 16 වැනි දින අලූයම බලනවිට දෙදෙනාම මියගොස් සිටි බව මරණ පරීක්‍ෂණයේදී ප‍්‍රකාශකර තිබිණි.

 මෙහිදී කළුතර නාගොඩ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ‍්‍රියන්ත අමරරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ ඉදිරිපත්වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්‍ෂකවරයා මෙම මරණ දෙකම ස්වභාවික හේතූන් මත මොළයේ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් සිදුවූ බවට නිගමනය කරන ලදී.

 දකුණු කළුතර පොලිසියේ සැරයන් මෙන්ඩිස් මහතා මෙහිදී සාක්ෂි මෙහෙයවීය.

advertistmentadvertistment
advertistmentadvertistment