වියරු කතාවට අත්පොලසන්!

55

ඇතැම් පාලකයන් අවස්ථාවට මුවා වී අවස්ථාව ට මුවා වී සෙල්ලම් කරනවා. තවත් පාලකයන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සෙල්ලම් කරනවා. ව්‍යවස්ථාව ඇත්තේ, කිසිවෙකුට සෙල්ලම් කිරීමට නොව එම රටේ අභිවෘද්ධිය උදෙසා බව අවධාරණය කළ යුතු වෙනවා.

තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවස්ථාවාදී ලෙස ව්‍යවස්ථාවන් වෙනස් කළ ඉතිහාසයේ විවිධ පාලන කාල අපට හමු වෙනවා.

නමුත්, ජනතා අපේක්ෂාවන්ගෙන් විනිර්මුක්තව ව්‍යවස්ථාව යනු තමන්ගේ පැවැත්ම සඳහා පමණක් යොදා ගත හැකි ලියවිල්ලක් ලෙස සලකන බොහෝ පාලකයන්ගේ ඉරණම ඒ තරම් සුන්දර නැහැ.

ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කර ගනිමින් එල්ල කරන බරපතළ ප්‍රහාරයක් ලෙස හඳුන්වා දිය හැකියි.

එම ප්‍රහාරයෙන් තුවාල ලබන්නේ සමස්ත සමාජයමයි. අපේ රටේ ඉතිහාසය තුළ මැතිවරණ කල් දැමූ අවස්ථා බොහෝ හඳුනාගන්න පුළුවන්. එලෙස කල්දැමූ මැතිවරණය හේතුකොටගෙන රට තුළ ඇති වූ ඛේදවාචකයන් බොහෝමයක් වන බව අප දන්නවා.

යාපනය සංවර්ධන සභා මැතිවරණය කල් දමා අතහැර දැමීම තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරන්න හේතු සාධක වුණා. උතුරේ බෙදුම්වාදී ගින්නට 1983 වසරේ දී යම් අය ඉන්ධන සැපයුවා නම් ඒ සඳහා දර සැපයුවේ 1981 මැතිවරණය නිසි ලෙස නොපැවැත්වීමෙන් බව අප දන්නා සත්‍යය යි.

ජනවරමක් නැති පාලකයන්ට ජනතාවගේ ආශිර්වාදය කෙලෙසකවත් හිමි වන්නේ නැහැ. එහෙත්, අවස්ථාවාදී ලෙස බලය ඩැහැ ගත් පාලකයන් ජනවරම හෝ ජනතා කැමැත්ත පිළිබඳව මායිම් නොකොට විවිධ දේශපාලන උපාය උපක්‍රම භාවිතා කරමින් සිය පාලන කටයුතු කරගෙන යෑමට දරන උත්සාහයේ අවසානය ඛේදවාචකයක් බව මුළු ලෝකයේ ම ලෝකයෙන්ම අත්දැකිය හැකි සත්‍යයි.

දේශපාලනඥයන්ට වගේම දේශපාලන පක්ෂ වලටත් ජනහදවත් තුළ සහ සමාජය තුළ තුළ හිමිව ඇති තැන ගැන නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට මැතිවරණයකින් පුළුවන්කම ලැබෙනවා. නමුත් ජනවරම පිළිබඳව පිළිබඳව කිසිදු මායිමක් නොකරන පාලකයන්ට එවැනි ජනමතයක් උරගා බැලීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැහැ.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ එවැනි ඛේදනීය ඉරණම් කතාවකට.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී, පරමාධිපත්‍ය බලය පිළිබඳව මායිම් නොකරන පාලකයන් මේ මොහොතේ කරනම් ගසමින් සිටිනවා. නමුත් ඔවුන්

ගමන් කරමින් සිටින නෞකාව රුවල් ඉරී ගිය ඉරීගිය නෞකාවක් බව ඔවුන්ට තවමත් වැටහෙන්නේ නැහැ.

ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වා, අවස්ථානුකූලව රටට රටට ගමන් කිරීමේ මාර්ගය නිදහස් කොට තිබෙනවා නම්, තිරසාර වශයෙන්ම රට ඉදිරියට යනවාට සැකයක් නැහැ.

නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ විකෘති ආණ්ඩුව විසින් රටේ ජන බලය පාගා ගෙන සිටිනවා. ඔවුන්ගේ පයට පෑගී සෝදාගෙන යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බව ඔවුන් දන්නවා උනත් ඔවුන් ඒ බව මායිම් කරන්නේ නැහැ.

දැවැන්ත ජනවරමක් ලබා ගෙන බලයට පත්වූ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් මුදල් ඇමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක්, පුරවැසි අරගලයක් ඉදිරිපිට තීරණාත්මක ලෙස පරාජයට පත්ව පසුබැස නිවෙස්වලට යන්නට සිදු වූ මෑත ඉතිහාසය දින කිහිපයක් තුළ පාලකයන් අමතක කර දැමීම පුදුමයට මෙන්ම කනගාටුවට කරුණක්.

මැතිනියගේ ආණ්ඩුව විසින් මැතිවරණය කල්දැමීම, හැත්තෑ හතේ බලයට පත්විය ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව විසින් ජනමත විචාරණයකින් මැතිවරණය කල්දැමීම, යාපනය සංවර්ධන සභා මැතිවරණය කල්දැමීම, 2019 පළාත් පාලන මැතිවරණය කල් දැමීම වැනි මැතිවරණ කල් දැමීම් ඉතිහාසය බලයේ සිටින පාලකයන්ට මෙන්ම සමස්ත රටටවත් එල්ල කළේ බරපතළ ඛේදවාචකයක්.

අපේ රටේ ජනාධිපතිවරණ වැඩි ප්‍රමාණයක් පැවැත්වුණේ උතුරේ සහ දකුණේ යුද්ධය පැවති වකවානුවේ. අපේ රටේ මහ මැතිවරණ විශාල ප්‍රමාණයක් පැවැත්වූයේ උතුරේ සහ දකුණේ යුද්ධ පැවැති වකවානුවේ. 2020 මහ මැතිවරණය පැවැත්වුණේ මුළු රටම කොරෝනා ව්‍යසනයෙන් බැට කමින් තිබූ වකවානුවේ. විශ්මයට කරුණ වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තරම් “රටේ සුදුසු තත්ත්වයක් නොමැති බවට” ආණ්ඩුව විසින් තීන්දු කිරීමයි.

ඉකුත් කොරෝනා වසංගතය බරපතළ ලෙස බැට දෙමින් තිබූ රටවල් විවස්ථාව සමග සෙල්ලම් කළේ නැහැ. ඔවුන් නිසි පරිදි මැතිවරණ පැවැත්වුවා පමණක් නොව, ඒ මැතිවරණ වෙනුවෙන් පහසුකම් ද සැලසුවා.

“සොබාදහම සොබාදහම ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්න බව ඇත්ත. හැබැයි රටක පාලන කටයුතු වල දී ව්‍යවස්ථානුකූලවාදය ට අවංක වෙමින් සහ ගරු කරමින් අප කටයුතු කළ යුතුමයි”

කොරෝනා සමයේ ප්‍රංශයේ මැතිවරණය පැවැත්වෙන අතරතුර දී එරට නායකයින් ප්‍රකාශ කළේ එහෙම.

මීට දින කිහිපයකට පෙර තුර්කිය මුළු ලෝකයම කම්පා වන සිදුවීමකට මුහුණ දුන්නා. තුර්කියේ මහපොළොව සෙල වී යෑමෙන් 50,000කට ආසන්න මිනිස් ජීවිත පණ පිටින් වැලලුණා.

ඔවුන් මුහුණ දුන් ඛේදවාචකය මෑත ඉතිහාසය තුළ අතිශය බිහිසුණු ඛේදවාචකයක් ලෙස ලෝක ඉතිහාසයේ සටහන්ව තිබෙනවා.

එහෙත්, තුර්කිය නිසි පරිදි පැවැත්වෙන්නට නියමිතව තිබූ මැතිවරණයට සූදානම් වෙනවා. ඔවුන් කියන්නේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍යය සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව.

අවාසනාවකට, අපේ රටේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කරනු ලැබූ කතාවක කොටසක් මේ විදිහට තිබෙනවා.

“ඡන්දය කල් දමා නැහැ. කල් දමන්න ඡන්දයක් නැහැ”

මේ බිහිසුණු කතාවේ ඇති බරපතළකම මොහොතකට පැත්තකින් තියන්න. ඒ වෙනුවට, ඔහුගේ කතාවෙන් උන්මාදයට පත් වී කොක් හඬ නගන, අත්පොළසන් දෙන ඔහු අවට සිටින කිහිප දෙනා දෙස බලන්නැයි මම ඔබට ආයාචනා කරනවා.

එපමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍යවාදය ඔසවා දියවන්නා ඔයේ එබූ ඔහුගේ කතාව මතක තබා ගන්න. ඒ වගේම, ඔහුගේ කතාවෙන් උන්මාදයට පත් වී අත්පොලසන් නැගූ ඒ පිරිසට අනුකම්පා කරන්න.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment